අතුරුදන්වූ පුද්ගලයන් සංඛ්‍යාව ගැන නිශ්චිත තොරතුරක් නෑ
ශ්‍රී ලංකාවේ අතුරුදන්වූවන් පිළීබඳව නිශ්චිත සංඛ්‍යාත්මක තොරතුරක් නොමැති බව අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති, ජනපති තීනිඥ සාලිය පීරිස් මහතා පවසයි.
අද (08දා) වාද්දූව, බ්ලූ වෝටර් හෝටලේ පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළේය.
යුද්ධය හේතුවෙන්, ජනතා විමුක්ති පෙරමුණේ කළබල හේතුවෙන් පුද්ගලයන් අතුරුදන් වී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ වාර්තා අනුව අතුරුදන්වූවන්ගේ පිරිස 21000ක් පමණ බවත් පරණගම කොමිසම හරහා එම සංඛ්‍යාව 16000ක් පමණ බව සඳහන් කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
යුද හමුදාවේ හා පොලීසියේ අතුරුදන්වූවන්ගේ ප්‍රමාණය 5100ක් බවට දක්වා ඇතත් එය සංඛ්‍යාත්මක සඳහන් වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
අතුරුදන්වූවන්ගේ කාර්යාලයට කිසිසේත්ම දඬුවම් පැමිණවීමට හැකියාවක් නොමැති බවත් එයට සිවිල් හෝ අපරාධ නඩුවක් ගොනු කළ නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
popular news
-
Champa Saturday, 08 September 2018 02:27 PM
එහෙම බලයක් නැත්නම් දැනට සේවයේ ඉන්න චෝදනා වලට ලක් වුනු හමුදාවේ පිරිසගේ වැඩ තහනම් කරන්න කිව්වේ මොන පදනමින්ද ? ඔය සාක්කි දෙන්න එන මිනිස්සු හමුදාවේ නම් ගම් වලින් එහෙම කියන්න නම් දන්නේ නැහැ .ඔය නම් කොටි ඩියස්පෝරා එකයි NGOකාරයොයි දීපු නම් . කිසිම investigation එකක් නොකර වැඩ තහනම් කරන්න කිව්වා එක සම්පූර්නයෙන්ම වැරදියි. රජය හමුදා නිලධාරීන් වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ. OMP එකේ ඉන්න එක සාමාජිකයෙක් හැර අනිත් ඔක්කොම NGO වලින් පඩි ගත්ත මිනිස්සු සහ එක්කෝ ත්රස්තවාදීන් වෙනුවෙන් පෙනී හිටපු මිනිස්සු. මේකේ සංයුතිය සම්පූරනයෙන්ම පක්ෂපාතියි. හරි නම් හමුදාවේ යුද්ධයේදී ඉදිරි පෙළ හිටපු Major Generals දෙන්නෙක් ඕකට දාන්න ඕනේ. හමුදා නිලධාරීන් තෝර තෝර දඩයම් කරනවා. ජනාධිපතිතුමා කියනවා එයා හමුදාව බේර ගත්තලු. මේ කරන්නේ හමුදාවට විරුද්ධව ජිනීවා යෝජනාවේ තිබ්බ ඒවා වෙන වෙන ආකාර වලට ක්‍රියාත්මක කරන එක. රට වෙනුවෙන් යුද්ධ කරපු අපේ හමුදාව NGO කුක්කන්ට ඕනේ විදිහට පාවා දෙනවා. ඔය මිනිස්සු අතුරුදහන් කියලා උපකල්පනය කරන්නේ කොහොමද? 2007 - 2010 අතරතුර රටින් පිටට "අතුරුදහන්" වුනු දෙමල මිනිස්සු ගැන කිසිම කතාවක් නෑ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

