saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

breaking-news - timelapse 7852 hours ago

LATEST

කොවිඩ් වසංතයේදී රටවල් භයානක මාවතකට - WHO

calendar_today 2020 ඔක් 24 - 07:28 remove_red_eye - 1478  

’’තවදුරටත් අනවශ්‍ය මරණ, අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා බිඳවැටීම හා පාසල් නැවත වසා දැමීම වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස අපි නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. එය පෙබරවාරි මාසයේ පැවසූ පරිදිම, අද මම එය යළි යළිත් කියනවා. මෙය සරඹයක් නොවෙයි.’’ WHO ප්‍රධානී.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 42,075,000ක් පසුකර ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට සියලු මහජන සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් සිහිපත් කරයි.

Read More

එළිමහන් සාද සහ රැස්වීම් සීමා කිරීමේ උත්සාහයක් ලෙස රාත්‍රී ඇඳිරි නීතිය අධි අවදානම් සහිත ප්‍රදේශවල පනවා ඇති බව කියයි. ඇතන්ස් සහ තෙසලෝනිකි යන නගර රටේ ස්ථර හතරේ ඉහළ අවදානම් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත.

Read More

එක්සත් ජනපදයේ කළු ජාතිකයන්ට වඩා දැන් සුදු ජාතිකයන් අතර වෛරසය ආසාදනය වීම ඉහළ ගොස් ඇත්තේ, කළු ජාතිකයන් මහජන සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමත්, බොහෝ සුදු ජාතිකයන් මුඛ ආවරණ ප්‍රතික්ෂේප කිරීම නිසා බව කියයි.

Read More

මැතිවරණ දිනයට දින 12කට පෙර පැවැත්වෙන මෙම අවසන් විවාදය වඩාත් තීරණාත්මක හා උණුසුම් එකක් වනු ඇති බව විචාරක මතයයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,135,000ක් පසුකර ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට සියලු මහජන සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් සිහිපත් කරයි.

Read More

ලොව කොවිඩ්-19 ආසාදිතයන් මිලියනයේ සීමාව පසුකළ 6 වැනි රට බවට ස්පාඤ්ඤය පත්ව තිබේ. කෙසේ වෙතත්, ස්පාඤ්ඤයට පසුපසින් ප්‍රංශය සහ කොලොම්බියාව ආසාදන මිලියනයේ සීමාව ආසනයේ පසුවෙයි.

Read More

රෝග පාලනය සඳහා වූ යුරෝපීය මධ්‍යස්ථානයට අනුව, චෙක් ජනරජය වෙතින් යුරෝපයේ දරුණුතම ආසාදන අනුපාතය මේ වනවිට දැකිය හැකි අතර, එය පසුගිය දින 14 තුළ ජනගහනය 100,000කට ආසාදන 900කට වඩා වාර්තා කර තිබේ.

Read More

නව ක්‍රියාමාර්ග යටතේ අත්‍යවශ්‍ය සේවාවක් සපයන්නේ නැත්නම් නිවසේ සිට වැඩ කිරීමට ජනතාවගෙන් ඉල්ලා සිටියි. පාසල්, ළමා ආරක්ෂණ සේවා සහ අත්‍යවශ්‍ය සිල්ලර වෙළෙඳ සැල් සීමාවන් යටතේ විවෘතව පවතී.

Read More

ග්‍රීක රජය උතුරු ග්‍රීසියේ කස්ටෝරියා ප්‍රදේශය සඳහා දේශීය අගුලු දැමීමක් නිවේදනය කර තිබුණේ, උතුරු ග්‍රීසියේ කොසානි නගරයට පසුව අගුලු දැමූ දෙවැනි නගරය බවට කස්ටෝරියා පත්කරමිනි.

Read More

මේ වනවිට ජර්මානු සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් දැනුවත් කර ඇති බව ඔහුගේ කාර්යාලය නිවේදනය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 41,000,000ක් පසුකර ඇති අතර, වසංගතයේ පළමු රැල්ල සාර්ථකව මැඬලූ චෙක් ජනරජය දෙවැනි රැල්ලේදී දැඩි පසුබෑමක් පෙන්වමින් ආසාදන ඉහළ යයි.

Read More

රටේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගිය සඳුදා, අයර්ලන්ත රජය නිවේදනය කළේ, ආසාදන ඉහළ යාම පාලනය සඳහා ඉදිරි සති හය සඳහා රට තුළ දැඩි සීමාවන් පැනවීමට කටයුතු කරන බවය.

Read More

සී.එන්.එන්. සේවයේ ඇන්ඩර්සන් කූපර් සිය දෑස් පියාගත් පසු, එරට භාවනා උපදේශක කබට්-සින් භාවනා සැසිය ආරම්භ කළේ සීනුවක් හඬවමින්, එම ශබ්දයට නිහඬව ඇහුම්කන් දෙන ලෙසත්, ශරීරයේ ආශ්වාසය හා ප්‍රාශ්වාසය පිළිබඳ සිහියෙන් සිටින ලෙසත් ප්‍රේක්ෂකයාට උපදෙස් ලබාදෙමිනි.

Read More

මෙය වසංගතය මුල් අවධියේ හෝ පළමු රැල්ලේදී එය හොඳින් පාලනය කළත්, මේ වනවිට එහි දෙවැනි රැල්ලෙන් දැඩිව බැටකන ඇතැම් රාජ්‍යයන්ටද වලංගු තත්ත්වයක බව කියැවේ.

Read More

රුසියාවේ නව කොරෝනා වෛරසය ආශ්‍රිත සැබෑ මරණ සංඛ්‍යාව මීට වඩා ඉහළ මට්ටමක පැවතිය හැකි බව පවසන්නේ, මරණ ගණනය කරන ආකාරය සහ මේ වසරේදී අතිරික්ත මරණ අනුපාතය වාර්තා වී නොමැති නිසාය.

Read More

’’ඔබ එය පෞද්ගලිකව ගතහොත් එය එහෙම වේවි. නමුත් මම මුළුමනින්ම අවධානය යොමු කරන්නේ මේ රටේ ජනතාවගේ සෞඛ්‍යය හා සුභසාධනය ගැනයි. මගේ වෘත්තීය ජීවිතයේ වසර 50ක් ඒ සඳහා මා කැප කළා’’ වෛද්‍ය ෆවුසි පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 40,557,000ක් පසුකර ඇති අතර, කොවිඩ්-19 වසංගතය හමුවේ දේශපාලන නායකයන් සෞඛ්‍ය විශේෂඥයන්ගේ හඬට කන් නොදීම ගැටලුවක් වී තිබේ.

Read More

තම බිරිඳද වෛරසයට ධනාත්මක බව පවසමින් එරට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ස්වෙලි මඛයිස් මහජන සෞඛ්‍ය පුරුදු හා නියමයන් දිගටම අනුගමනය කරන ලෙස සියලුම දකුණු අප්‍රිකානුවන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

ප්‍රංශයේ ජාතික සෞඛ්‍ය ඒජන්සිය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, කොවිඩ්-19 ආසාදිත රෝගීන් 2,090ක් එරට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබති.

Read More

ලොම්බාර්ඩි කලාපයේ සුප්‍රකට මිලාන් නගරයද වන අතර, මිලියන 10කට වැඩි ජනතාවක් ජීවත් වෙයි. පළමු රැල්ලේදී ඇති වූ දැඩි බලපෑම නිසා බොහෝ දෙනා එය යුරෝපයේ වසංගතයේ කේන්ද්‍රස්ථානය ලෙසද හැඳින්වීය.

Read More

එක්සත් ජනපදය, ඉන්දියාව, බ්‍රසීලය සහ රුසියාවෙන් පසුව, මිලියනයකට වඩා වැඩි නව කොරෝනා වෛරස ආසාදිතයන් වාර්තා කරන පස්වැනි රට බවට ආර්ජන්ටිනාව පත්ව ඇත.

Read More

කොවිඩ්-19 ආසාදන කෝටි 2ක සිට කෝටි 3ක් වීමට දින 38ක් ගත වූ අතර, මේ වනවිට ආසාදන ලොව පුරා වැඩිවීමේ වේගය මොනවාට පැහැදිලි කරමින් මෙවර කෝටි 3 සිට කෝටි 4ක් දක්වා වැඩිවීමට ගතවී ඇත්තේ දින 32ක් පමණි.

Read More

එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථායේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය රිචඩ් බෙසර් අවධාරණය කරන්නේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට වෛද්‍ය විශේෂඥයන් මෝඩයන් යැයි පවසන පසුබිමකය.

Read More

එක්සත් ජනපදය තුළ සඳුදා දිනයේ ජෝන්ස් හොප්කින්ස් දත්ත විසින් නව ආසාදිතයන් 51,931ක් වාර්තා කර ඇති අතර, මරණ 405ක් වාර්තා කර තිබේ. එරට සමස්ත නව කොරෝනා ආසාදිතයන් 8,208,000ක් ඉක්මවා ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 40,327,000ක් පසුකර ඇති අතර, එක්සත් ජනපද බෝවන රෝග විශේෂඥයා පවසන්නේ ආසාදන වැඩි වුවත්, ලොක්ඩවුන් එක විසඳුම නොවන බවයි.

Read More

මිලියන 20ක් පමණ ප්‍රංශ ජාතිකයන් මර්සෙයිල්, ලියොන්, ලිලී සහ ටූලූස් ඇතුළු පිරිස් අගනුවර ආවරණය කරන මෙම ඇඳිරි නීතිය යටතේ රාත්‍රිය ගතකරන අතර, එය සෑම රාත්‍රියකම 9.00 සිට අලුයම 06.00 දක්වා ක්‍රියාත්මක වේ.

Read More

වෛරසය පැතිරීම වළක්වා ගැනීම සඳහා පෙර සහ වර්තමාන පියවරයන් සමග රට සහ රටවැසියන් මෙම සීමාවන්ගෙන් තෙහෙට්ටුවී ඇති බව බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුසි පෙන්වා දෙයි.

Read More

අද දිනයේ සිට මිනිසුන්ට නිවසින් පිටත කොපමණ කාලයක් ගත කරනවාද යන්න පිළිබඳ කාල සීමාවක් නොමැති වුවත්, අවන්හල් සහ සිල්ලර වෙළෙඳ සැල් සඳහා දැඩි පියවරයන් තවමත් ක්‍රියාත්මක බව බලධාරීන් පවසයි.

Read More

එක්සත් රාජධානියේ ග්ලාස්ගෝහි විද්‍යාගාරය සමග ඇති වූ ගැටලුවක් නිසා පරීක්ෂණ 64,000ක් වෙනත් පර්යේෂණාගාර වෙත යවා ඇති බව ස්කොට්ලන්තය කීවත්, එක්සත් රාජධානිය එය තරයේ ප්‍රතික්ෂේප කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.