saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 8664 hours ago

LATEST

මයික් පොම්පෙඕ ෆෙඩරල් නීති කැඩූ බවට විමර්ශනයක්

calendar_today 2020 ඔක් 27 - 08:18 remove_red_eye - 1244  

අනර්ථ ගෙනදෙන දේශපාලන ක්‍රියාවන් වළක්වන එක්සත් ජනපදයේ 1939 දරණ හැච් පනත පොම්පෙඕ උල්ලංඝනය කිරීම පිළිබඳව දෙවැනි විමර්ශනය මෙය බව එක්සත් ජනපද මාධ්‍ය අනාවරණය කරයි.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 43,500,000ක ආසන්නයට පැමිණ ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට සියලු මහජන සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කරයි.

Read More

නත්තල් සීයලාට කලින් කොවිඩ්-19 එන්නතක් ලබාදීම අවලංගු කිරීම, සුවහසක් නත්තල් සීයලාගේ බලාපොරොත්තු සුන්කළ අවස්ථාවක් බව එම සංගමයේ සභාපති රික් අර්වින් පවසයි.

Read More

යුරෝපයේ බොහෝ රටවල් මෙන්ම ජර්මනියද ආසාදන වැඩිවීමට එරෙහිව සටන් කරමින් සිටින අතර, එරට ෆ්‍රෑන්ක්ෆර්ට් නගරය සෑම වසරකම පවත්වන ප්‍රසිද්ධ නත්තල් වෙළෙඳ සැණකෙළියද අවලංගු කර ඇත.

Read More

අවශ්‍ය මොහොතේ කඩිනම් පියවර නොගැනීම, නිසි නායකත්වයක් නොදීම, මධ්‍යගත තොරතුරු ලබාදීමක් සිදු නොකිරීම, වෘත්තීය පළපුරුද්ද ඇති විශේෂඥයන්ගේ සහාය ලබා නොගැනීම සහ වසංගතයට ඕනෑ ආකාරයට පැතිරීමට ඉඩදී බලා සිටීම හේතුවයි.

Read More

වික්ටෝරියා ප්‍රාන්තය තුළ ජූලි මාසයේදී දෛනිකව කොවිඩ්-19 ආසාදිතයන් 700කට වඩා වැඩි වූ නමුත්, නිවසේ සිට වැඩ කිරීමේ දැඩි නීතිරීති පැනවීම සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම නිසා මෙම ජයග්‍රහණය ලබාගත හැකි විය.

Read More

නව නීතිරීති මුලින් දින 15ක් සිට ඉදිරි මාස 06ක් දක්වා දීර්ඝ කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය පේද්‍රෝ සාන්චෙස් පැවසීය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,153,000ක ආසන්නයට පැමිණ ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට සියලු මහජන සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කරයි.

Read More

මේ වසරේ කොවිඩ්-19 පළමු වැනි රැල්ලෙන් රට තුළ සිදුවූ හානිය යළිත් වටයකට සිදු නොවීම සඳහා මෙම දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇති බව එරට ප්‍රාදේශීය බලධාරීන් පෙන්වා දෙයි.

Read More

ලී කුන්-හී ගේ පුත්, ජේ වයි ලී 2012 දී උප සභාපති ධුරයට පත්වූදා සිට සමාගමට නායකත්වය දුන් අතර ඔහුගේ පියාගේ අභාවයෙන් පසුව ඔහු එම පදවිය උරුම කර ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More

’’අපි සෑමවිටම පවසා ඇති පරිදි, සමාජ මාධ්‍ය මත විශ්වාසය තබන්න එපා. අපි ඔබට යමක් කීමට ඇති විට අපි ඔබට කියන්නවා. සියලු තොරතුරු සපයනවා. එය සුබ ආරංචියක් වුවත්, අශුභ ආරංචියක් වුවත් අප කියනවා.’’

Read More

48 හැවිරිදි පෝලන්ත නායක ඇන්ඩ්‍රෙජ් ඩූඩා කොවිඩ්-19 සමග රෝගාතුර වූ ලෝක නායකයන් අතළොස්සක් සමග එක්වන අතර, ඒ අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ද වෙති.

Read More

’’අපට නිදහස අවශ්‍යයි’’, ’’කොවිඩි-19 කුරිරුකම් අවසන් කරමු’’ යනුවෙන් පුවරු ඔසවාගෙන ගිය විරෝධතාකරුවන් බකිංහැම් මාලිගයෙන් පිටත රැස්වී සිටි අතර, පසුව ඔවුහු ට්‍රැෆල්ගර් චතුරස්‍රය වෙත පා ගමනින් පැමිණියහ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 42,525,000ක් පසුකර ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට සියලු මහජන සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් අවධාරණය කරයි.

Read More

නව කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ඇල්මැරුණු ප්‍රතිපත්තියක සිට එය ගණනකට නොගෙන කටයුතු කිරීමත්, වෛද්‍ය විද්‍යාත්මක මතයන්ට වඩා මනංකල්පිත මතයන්ට මුල්තැන දීමත් වසංගතයෙන් දරුණු ලෙස බැටකෑ බොහෝ රාජ්‍යයන්ගේ ඉරණමට හේතු විය.

Read More

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමට ගෙන ඇති මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ස්ථිරව සිටින ලෙස උප ජනාධිපතිනිය සියලු කොලොම්බියානුවන්ගෙන් ඉල්ලා සිටියේ, ’’මේ වසංගතය යථාර්ථයක්. එය බොරුවක් නොවෙයි.’’ කියමිනි.

Read More

මීට වසර 70කට පෙර කොරියානු යුද්ධයට චීනය සම්බන්ධවීම සිහිපත් කළ, කොරියානු යුද සංවත්සර කතාව සිදුකරමින් චීන නායකයා මෙම කණේ පහර එක්සත් ජනපදය වෙත එල්ල කර ඇත.

Read More

’’තවදුරටත් අනවශ්‍ය මරණ, අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා බිඳවැටීම හා පාසල් නැවත වසා දැමීම වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස අපි නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. එය පෙබරවාරි මාසයේ පැවසූ පරිදිම, අද මම එය යළි යළිත් කියනවා. මෙය සරඹයක් නොවෙයි.’’ WHO ප්‍රධානී.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 42,075,000ක් පසුකර ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට සියලු මහජන සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් සිහිපත් කරයි.

Read More

එළිමහන් සාද සහ රැස්වීම් සීමා කිරීමේ උත්සාහයක් ලෙස රාත්‍රී ඇඳිරි නීතිය අධි අවදානම් සහිත ප්‍රදේශවල පනවා ඇති බව කියයි. ඇතන්ස් සහ තෙසලෝනිකි යන නගර රටේ ස්ථර හතරේ ඉහළ අවදානම් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇත.

Read More

එක්සත් ජනපදයේ කළු ජාතිකයන්ට වඩා දැන් සුදු ජාතිකයන් අතර වෛරසය ආසාදනය වීම ඉහළ ගොස් ඇත්තේ, කළු ජාතිකයන් මහජන සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමත්, බොහෝ සුදු ජාතිකයන් මුඛ ආවරණ ප්‍රතික්ෂේප කිරීම නිසා බව කියයි.

Read More

මැතිවරණ දිනයට දින 12කට පෙර පැවැත්වෙන මෙම අවසන් විවාදය වඩාත් තීරණාත්මක හා උණුසුම් එකක් වනු ඇති බව විචාරක මතයයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,135,000ක් පසුකර ඇති අතර, වසංගතය පාලනය කරගැනීමට සියලු මහජන සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අනුගමනය කරන ලෙස සෞඛ්‍ය විශේෂඥයන් සිහිපත් කරයි.

Read More

ලොව කොවිඩ්-19 ආසාදිතයන් මිලියනයේ සීමාව පසුකළ 6 වැනි රට බවට ස්පාඤ්ඤය පත්ව තිබේ. කෙසේ වෙතත්, ස්පාඤ්ඤයට පසුපසින් ප්‍රංශය සහ කොලොම්බියාව ආසාදන මිලියනයේ සීමාව ආසනයේ පසුවෙයි.

Read More

රෝග පාලනය සඳහා වූ යුරෝපීය මධ්‍යස්ථානයට අනුව, චෙක් ජනරජය වෙතින් යුරෝපයේ දරුණුතම ආසාදන අනුපාතය මේ වනවිට දැකිය හැකි අතර, එය පසුගිය දින 14 තුළ ජනගහනය 100,000කට ආසාදන 900කට වඩා වාර්තා කර තිබේ.

Read More

නව ක්‍රියාමාර්ග යටතේ අත්‍යවශ්‍ය සේවාවක් සපයන්නේ නැත්නම් නිවසේ සිට වැඩ කිරීමට ජනතාවගෙන් ඉල්ලා සිටියි. පාසල්, ළමා ආරක්ෂණ සේවා සහ අත්‍යවශ්‍ය සිල්ලර වෙළෙඳ සැල් සීමාවන් යටතේ විවෘතව පවතී.

Read More

ග්‍රීක රජය උතුරු ග්‍රීසියේ කස්ටෝරියා ප්‍රදේශය සඳහා දේශීය අගුලු දැමීමක් නිවේදනය කර තිබුණේ, උතුරු ග්‍රීසියේ කොසානි නගරයට පසුව අගුලු දැමූ දෙවැනි නගරය බවට කස්ටෝරියා පත්කරමිනි.

Read More

මේ වනවිට ජර්මානු සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් දැනුවත් කර ඇති බව ඔහුගේ කාර්යාලය නිවේදනය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 41,000,000ක් පසුකර ඇති අතර, වසංගතයේ පළමු රැල්ල සාර්ථකව මැඬලූ චෙක් ජනරජය දෙවැනි රැල්ලේදී දැඩි පසුබෑමක් පෙන්වමින් ආසාදන ඉහළ යයි.

Read More

රටේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගිය සඳුදා, අයර්ලන්ත රජය නිවේදනය කළේ, ආසාදන ඉහළ යාම පාලනය සඳහා ඉදිරි සති හය සඳහා රට තුළ දැඩි සීමාවන් පැනවීමට කටයුතු කරන බවය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.