saravita-anim2

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

breaking-news - timelapse 8101 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් ආසාදන ලක්ෂ 1,164ක් පසුකර ගිහින්

calendar_today 2021 මාර් 07 - 06:21 remove_red_eye - 116  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,586,000ක් ඉක්මවා ගොස් ඇති අතර, ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

’’මෙතෙක් ලබා දී ඇති එන්නත් මාත්‍රාව මිලියන 225න් අතිමහත් බහුතරය පොහොසත් හා එන්නත් නිපදවන රටවල් අතළොස්සක් තුළ පවතිනවා. අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් බොහොමයක් තවමත් එන්නත් ලැබෙන තුරු බලා සිටිනවා’’ ගෙබ්‍රෙයීසස් පැවසීය.

Read More

පාප්තුමාගේ පළමු සංචාරය සනිටුහන් කරන මෙම අවස්ථාවේදී රටේ ඉහළ පෙළේ දේශපාලන හා ආගමික නායකයන් සමග හමුවීම්ද සිදුවනු ඇත. එසේම කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට ඉතාලියෙන් පිටත පාප්තුමාගේ පළමු වැනි සංචාරය මෙයයි.

Read More

පර්සෙවරන්ස් රෝවයේ මෙම ධාවන උත්සාහය සිදුවූ ආකාරය විදහා දැක්වෙමින්, අඟහරු පෘෂ්ඨය මත එම රෝවරයේ රෝද සලකුණු දැක්වෙන ආකාරයේ දසුන් පෘථ්විය වෙත එවා තිබේ.

Read More

චීනය මේ වනවිටත් මුඛ ආවරණ බිලියන 43.85ක්, ශල්‍ය අත්වැසුම් යුගල බිලියන 1.19ක්, ආරක්ෂිත ඇඳුම් කට්ටල මිලියන 950ක්, ආරක්ෂිත මුහුණ ආවරණ මිලියන 54.03ක් සහ වෙන්ටිලේටර් කට්ටල 17,585ක් 2020 මාර්තු 1දා සිට 2021 දී පෙබරවාරි 28දා දක්වා එක්සත් ජනපදයට ලබා දී ඇත්තේ සහයෝගීතාව ප්‍රකට කරමිනි.

Read More

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පදිංචි සර්වේෂ් කුමාර් නැමති මෙම පියා හර්ඩෝයි දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයක් දෙසට පයින්ම ගමන් කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර, ඒ අවස්ථාවේදී ඔහු සිය 17 හැවිරිදි දියණියගේ හිසද රැගෙන යමින් සිට ඇති බව පොලීසිය පවසයි.

Read More

එන්නත් සඳහා පේටන්ට් බලපත්‍ර හිමි සමාගම්වලින් එන්නත් තාක්ෂණය මාරු කළ හැකි අය වෙත ඒවා ලබාදෙන ලෙස අවධාරණය කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා, ’’මේ ප්‍රවේශයට හොඳ උදාහරණයක් වන්නේ ඇස්ට්‍රාසෙනෙකා. එහි එන්නත සඳහා වන තාක්‍ෂණය කොරියානු ජනරජයේ එස්.කේ.බයෝ සහ COVAX සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිපදවන ඉන්දියාවේ සේරම් ආයතනය වෙත මාරු කර කර තිබුණා.’’ යැයි පැවසීය.

Read More

චීනයේ මහජන විමුක්ති හමුදාවේ නාවික හමුදාවට 2015 දී යුද නෞකා 255ක් පැවති බවත්, එය 2020 වසර අවසානය වනවිට 360ක් දක්වා ඉහළ යමින්, මේ වනවිට එක්සත් ජනපදයේ නාවික හමුදාව සතු යුද නෞකා ප්‍රමණයද අභිභවා ගොස් ඇති බව එක්සත් ජනපදය විසින්ම පවසා සිටියි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 116,000,000ක් ඉක්මවා ගොස් ඇති අතර, ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

අඟහරුගේ පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 330 ත් 350 ත් අතර දුරින් පිහිටි ටියැන්වෙන්-1 යානයේ අධි-විභේදන කැමරාව මගින් මෙහි සමීප ඡායාරූප හසුකර ගෙන ඇති අතර, වර්ණ ඡායාරූපය මධ්‍යම විභේදන කැමරාවකින් හසු කරගෙන තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ, ’’එන්නත් පමණක් ඔබව ආරක්ෂිතව තබා නොගන්නා බව රජයන් සහ ඒ රටවල මහජනතාව හොඳින් මතක තබා ගත යුතුයි. මූලික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග (මුඛ ආවරණ පැලඳීම, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථකරණය) ප්‍රතිචාරයේ පදනම ලෙස පවතිනවා’’ යනුවෙනි.

Read More

’’එක්සත් රාජධානියේ නව දත්ත මගින් සනාථ කරනුයේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත වයස අවුරුදු 65ට වැඩි අයට පවා හොඳ ආරක්ෂිත බලපෑමක් ඇති කරන බවයි’’ යනුවෙන් එරටය සෞඛ්‍ය අධිකාරිය ඊයේ (04දා) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More

ටියුනීසියාවේ ඖෂධ පාලනය සඳහා වූ ජාතික රසායනාගාරය සහ ඖෂධවේදය පිළිබඳ ජාතික මධ්‍යස්ථානය විසින් චීන රසායනාගාරය විසින් ඉදිරිපත් කරන ලද ලිපිගොනුව තක්සේරු කිරීමෙන් අනතුරුව මෙම අවසරය ලබාදී තිබේ.

Read More

ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා 250,000ක් ඔස්ට්‍රේලියාවට අපනයනය කිරීම වැළැක්වීම සඳහා ඉතාලිය යුරෝපා සංගම් බලතල ඉල්ලා සිටි බව ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රැගි පැවසීය.

Read More

රජය යළිත් වටයකට රට පුරා සීමා පැනවීමක් මුලින් ප්‍රතික්ෂේප කර තිබුණද, ප්‍රංශ අග්‍රාමාත්‍යවරයාට අනුව තුන්වැනි ජාතික අගුලු දැමීමද මෙම වාතාවරණය තුළ සිදු නොවිය හැකි දෙයක් නොවන බව අවධාරණය කර තිබේ.

Read More

චීනය මීට පෙර වෛද්‍ය සැපයුම් කණ්ඩායම් දෙකක් පෑන්-අරාබි සංවිධානයට යවා තිබේ. මේ අතර, චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව සහ මොරොක්කෝව ඇතුළු අරාබි රටවල් ගණනාවක් අතර එන්නත ආශ්‍රිත සහයෝගීතාව සුමටව සිදුවෙමින් පවතින බව කියයි.

Read More

මුලින්ම සුනාමි සයිරන් නලා හඬවමින් වෙරළබඩ කලාපවල ජීවත්වන ජනතාවට ප්‍රදේශයෙන් හැකි ඉක්මණින් ඉවත් වන ලෙස සඳහන් කළද පසුව එම සුනාමි අනතුරු ඇඟවීම පහත හෙළ තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,568,000ක සීමාවට පැමිණ ඇති අතර, සති හතකට පසුව ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

’’මම මීට පෙර භූමිකම්පා අත්විඳ ඇති නමුත් එක දිගට මෙතරම් විශාල සංඛ්‍යාවක් අත්විඳ නැහැ’’ යැයි රේක්ජාවික් හි පදිංචිකරුවෙකු වන අවුර් ඇල්ෆා පැවසීය. ’’සතියක් මුළුල්ලේම පැය 24 පුරාම පොළොව සෙලවෙන බවක් දැනීම ඉතාම අසාමාන්‍ය දෙයක්. එමගින් සොබාදහමට එරෙහිව ඔබ ඉතා කුඩාවටත්, බලරහිත අයෙකු හැටියටත් හොඳටම වැටෙහනවා.’’

Read More

ස්ටාර්ෂිප් අඟහරු රොකට්ටුවේ මූලාකෘතියක් වන ස්පේස්එක්ස් හි SN10 රොකට්ටුව සවස 5.15 ට පමණ වෙරළබඩ භූ දර්ශනයෙන් සැතපුම් 6ක් පමණ ඉහළට නැග සාර්ථක ගුවන් ගමනක යෙදී තිබුණත්, මීට පෙර සිදුකළ පරීක්ෂණ ගුවන් ගමන් දෙකක් අනුව යමින් ගොඩබෑමේදී යළිත් පුපුරා ගියේය.

Read More

නෙදර්ලන්තයේ, ඇම්ස්ටර්ඩෑම් නගරයට උතුරින් පිහිටි නගරයක කොවිඩ්-19 වෛරස පරීක්ෂණ මධ්‍යස්ථානයක පිපිරීමක් සිදුව තිබේ.

Read More

ධාරිතාවය අඛණ්ඩව ව්‍යාප්ත කිරීමෙන් සීනොෆාම් සමාගමට අනාගතයේ දී වසරකට මාත්‍රා බිලියන 3 ක් නිපදවිය හැකි බවද යූ පැවසීය.

Read More

මධ්‍යම අප්‍රිකානු ජනරජයට (CAR) චීනය විසින් පරිත්‍යාග කරන ලද කොව්ඩ-19 එන්නත් තොගයක් ලැබීමට නියමිත බව චීනය පවසයි.

Read More

’’වෙනත් ආකාරවලින් ඔහුට ඇහුම්කන් දුන් ආකාරයට පැහැදිලිවම ඔහුට ඇහුම්කන් දෙන පුද්ගලයන්ට සංඥාවක් (එන්නත ලබාගැනීම සඳහා) ලබාදීමට මෙය අතිශය හොඳ අවස්ථාවක් වීමට තිබුණා’’ වෛද්‍ය ඇන්තනී ෆවුසි පැවසීය.

Read More

FBI සහ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සපයන ලද තොරතුරු අනුව, මීට පෙර ජනවාරි මාසයේදී සිදුවූ පහරදීමටද සම්බන්ධ කැරලිකාර කණ්ඩායමක සාමාජිකයන් ඇතුළු අන්තවාදීන් අතර යළි පහරදීමක් ගැන වැඩි කතාබහක් ඇති බවට අනතුරු අඟවා ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,559,000ක සීමාවට පැමිණ ඇති අතර, සති හතකට පසුව ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

කොවිඩ්-19 ආරක්ෂණ එන්නතට අවස්ථාව ලබාදී ඇතැම් රටවල් වසංගත සීමා කිරීම් ලිහිල් කිරීම වැරැද්දක් බව පවසා සිටි ලෝක සෞඛ්‍ය සංවිධානය, සෑමවිටම මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග හා දැනට පවතින සීමා එලෙසින්ම පවත්වාගෙන යෑමේ වැදගත්කම යළි යළිත් අවධාරණය කරයි.

Read More

මැලේසියාවේ මේ වනවිට ලක්ෂ 3ක් ඉක්මවූ ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එරට කොවිඩ්-19 ආසාදිතව 1,141ක් දෙනෙකුට සිය ජීවිතය අහිමි වී තිබේ.

Read More

මෙම එන්නත් තොගයට අමතරව චීනයෙන් ලබාදෙන ලද මුඛ ආවරණ සහ කොවිඩ් -19 පරීක්ෂණ කට්ටල වැනි වෛද්‍ය සැපයුම් රැසක් කැරකස්හි සිමන් බොලිවර් ගුවන්තොටුපළට ගොඩ බැස්ස බව වෙනිසියුලානු රජය වාර්තා කරයි.

Read More

කොවිඩ්-19 වෛරස ආරක්ෂණ එන්නත්හි සම්පූර්ණ එන්නත් මාත්‍රාවන් ලැබූ පුද්ගලයන් සඳහා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) විසින් මෙම සතිය අගදී මගපෙන්වීමක් නිකුත් කරන බව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.