ෆ්‍රැන්සිස් පාප් තුමන් ඉරාකය වෙත ඓතිහාසික සංචාරයක
පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමන් ඉරාකයේ බැග්ඩෑඩ් නගරය වෙත ඓතිහාසික සංචාරයකට එක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
යුද්ධයෙන් විනාශ වූ ඉරාකය වෙත මෙම සංචාරය අරඹමින් ඊයේ (05දා) පාප්තුමන් ඉරාකයට ගොඩ බැස තිබුණු අතර, එහිදී එතුමන් රටේ පිරිහෙමින් පවතින ක්‍රිස්තියානි ප්‍රජාවේ සාමාජිකයන් හමුවී ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය කෙරෙහි අවධානය යොමුකරන බව සඳහන් වෙයි.
පාප්තුමාගේ පළමු සංචාරය සනිටුහන් කරන මෙම අවස්ථාවේදී රටේ ඉහළ පෙළේ දේශපාලන හා ආගමික නායකයන් සමග හමුවීම්ද සිදුවනු ඇත. එසේම කොවිඩ්-19 වසංගතය ආරම්භයේ සිට ඉතාලියෙන් පිටත පාප්තුමාගේ පළමු වැනි සංචාරය මෙයයි.
පාප්තුමාගේ ගුවන් යානයේ තමා සමග ගමන් කළ මාධ්‍යවේදීන්ට එතුමන් පැවසුවේ, ,නැවත සංචාර ආරම්භ කිරීම ගැන මම සතුටු වන අතර මෙය සංකේතාත්මක ගමනක්. එය යුතුකමක්. එය බොහෝ කාලයක් තිස්සේ ජීවිත පරිත්‍යාග කළ රටක්." යනුවෙනි.
පාප්තුමා අග්‍රාමාත්‍ය මුස්තාපා අල්-කද්මි සහ ජනාධිපති බර්හාම් සාලිහ් සමග සාකච්ඡා පැවැත්වූ අතර, පාප්තුමා බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී උණුසුම් ලෙස පිළිගනු ලැබිණි. එසේම ෆ්‍රැන්සිස් පාප්තුමා සහ ඔහුගේ පිරිවරට කොවිඩ්-19 ට එරෙහිව එන්නත් ලබා දී ඇත.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

