saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

breaking-news - timelapse 6717 hours ago

LATEST

කොවිඩ් විද්‍යාගාර කාන්දුවක් න්‍යාය යළිත් ප්‍රතික්ෂේප වෙයි

calendar_today 2021 ජුලි 09 - 19:00 remove_red_eye - 392  

කොරෝනා වෛරසයේ මූලාරම්භය වූහාන් වෛරස් විද්‍යා ආයතනයෙන් කාන්දු වූවක් බවට කරන ප්‍රකාශ ලොව පුරා සිටින විශේෂඥයන් රැසක් ප්‍රතික්ෂේප කර ඇති අතර, SARS-CoV-2 බොහෝදුරට ස්වභාවධර්මයෙන් ආරම්භ වූවක් බව ඔවුහු නැවත නැවත අවධාරණය කරති.

බැංකොක් සහ අසල්වැසි පළාත් පහක් සඳහා වන නවතම පියවර අතරට සාප්පු සංකීර්ණ, ස්පා සහ සම්බාහන මධ්‍යස්ථාන වැනි අවදානම් සහිත ස්ථාන වසා දැමීම සහ දේශීය වේලාවෙන් රාත්‍රී 9.00ට පෙර පොදු ප්‍රවාහන සේවා නැවැත්වීම ඇතුළත් වේ.

Read More

නව සීමා කිරීම් යටතේ, මිනිසුන්ට හැකි තරම් නිවසේ රැඳී සිටීමට උපදෙස් දී ඇත. පාසල් වසා පැසෙන අතර, ප්‍රසිද්ධ රැස්වීම් සවස 6.00 න් පසු දෙදෙනෙකුට සීමා වේ. පෙළපාළි හෝ වෙනත් කිසිදු මහජන රැස්වීමකට අවසර නැත. සැප්තැම්බර් මාසය වනවිට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවකින් හෝ මහජනතාවගෙන් 70%ක් එන්නත් කිරීම මගින් නොවැම්බර් මාසයට පෙර ප්‍රජා ප්‍රතිශක්තිය ළඟාකර ගැනීම රට අරමුණු කරයි.

Read More

මෑත දිනවල කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 93%ක් පමණ එන්නත් කිරීමේ අනුපාතය 40%කට වඩා අඩු ප්‍රාන්තවල සිදුවී ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) අධ්‍යක්ෂ රොචෙල් වැලෙන්ස්කි මාධ්‍ය හමුවකදී පැවසීය.

Read More

හයිටි ජනාධිපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විදේශීය අතපෙවීමක් ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය වෙමින් පවතින අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමර්ශනය කෙරෙන බව හයිටි පොලිස් අධ්‍යක්ෂවරයා පැවසීය.

Read More

විදෙස් හමුදා ඇෆ්ගිනිස්තානයෙන් ඉවත් වීම ඇරඹෙන විට කැරලි සටන්කරුවන් ඉදිරියට පැමිණ ඇති අතර, ඇෆ්ගන් ආරක්ෂක නිලධාරීන් ඉරානයට පළාගොස් ඇති බවද තහවුරු නොකළ මූලාශ්‍ර පවසයි.

Read More

ෂින්ජියැන් හි සිදුවන්නේ ජනවාර්ගිකත්වය, ආගම හෝ මානව හිමිකම් ගැන නොව ත්‍රස්තවාදයට, අන්තවාදයට හා බෙදුම්වාදයට එරෙහිව සටන් කිරීම බව චීනය බොහෝ වාරයක් අවධාරණය කර ඇති බවත්, චීනය වධහිංසා, කුරිරු හෝ ජනසංහාර පිළිබඳ චෝදනා දරා නැති බවත් එරට විදේශ අමාත්‍යාංශය පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 185,029,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම නඩු විභාගය දකුණු අප්‍රිකාවේ පෙර නොවූවිරූ අවධානයක් දිනාගත් අතර, බදාදා මධ්‍යම රාත්‍රියට පෙර හිටපු ජනාදිපති ජේකබ් සූමා අත්අඩංගුවට ගැනීමට පොලීසියට නියම කර තිබුණි.

Read More

ජූලි 3දායින් අවසන් වූ සති දෙක තුළ ඩෙල්ටා ප්‍රභේදය රට තුළ ප්‍රමුඛස්ථානයට පත්ව ඇති අතර, ඉන්දියාවේ ප්‍රථම වරට හඳුනාගත් මෙම ප්‍රභේදය, හඳුනාගත් ආසාදිතයන්ගෙන් 51.7%ක් සම්බන්ධ වී තිබේ.

Read More

වසංගත රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥයන් සති ගණනාවක් පුරා කියා සිටියේ ජූලි 23දා ආරම්භ වන ගෝලීය ක්‍රීඩා උළෙල කිසිදු ප්‍රේක්ෂකයෙකුගෙන් තොරව පැවැත්වීම අවම අවදානමක් සහිතව ක්‍රීඩා උළෙල පැවැත්වීමේ විකල්පය බවයි.

Read More

84 හැවිරිදි පාප්තුමා සිය බඩවැලේ කොටසක් ඉවත් කිරීම සඳහා ඉරිදා රාත්‍රියේ පැය තුනක සැත්කමකට භාජනය විය.

Read More

’’මෙම ඩෙල්ටා ප්‍රභේදය වසංගතයට එරෙහි ක්‍රීඩාව වෙනස් කරන්නෙකු වන අතර, එය අප දැක ඇති වෙනත් ඕනෑම වෛරසයකට වඩා අතිශයින්ම සම්ප්‍රේෂණය කළ හැකි හා බෝවන වෛරසයක් බව තහවුරු කර තිබෙනවා’’ මහ ඇමතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් සිඩ්නි නුවරදී වාර්තාකරුවන්ට පැවසීය.

Read More

රටක් ප්‍රජාතන්ත්‍රවාදීද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබාදිය යුත්තේ එහි ජනතාව විසින් මිස අතළොස්සක් විසින් නොවන බවත්, යහපැවැත්ම සඳහා විවිධ මාවත් ඇති අතර, සෑම රටකම ජනතාවට තමන්ගේ සංවර්ධන මාවත සහ ආයතනික ආකෘති තෝරා ගැනීමට අයිතියක් ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.

Read More

ලෝක ප්‍රකට ලැන්සෙට් සඟරාවේ පළ වූ මෙම ප්‍රකාශිත වාර්තාව ජීව විද්‍යාඥයන්, පරිසරවේදීන්, වසංගත රෝග විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය විශේෂඥයන් සහ ලොව පුරා සිටින පශු වෛද්‍යවරුන් විසින් සම්පාදනය කරන ලද්දකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 184,539,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පසුගිය ජුනි 24දා අලුයම චැම්ප්ලේන් ටවර්ස් දකුණ ගොඩනැගිල්ලෙන් අඩක් මෙසේ කඩා වැටුණු අතර, එම අනතුරින් 12කට පසු පුද්ගලයින් 109 දෙනෙකු තවමත් අතුරුදන් ලැයිස්තුවේ සිටිති.

Read More

මොරොක්කෝවේ හයවැනි මොහොමඩ් රජතුමා සහභාගී වූ උත්සවයකදී මසකට එන්නත් මාත්‍රා මිලියන 5ක් නිෂ්පාදනය කිරීම සඳහා මොරොක්කෝව සහ සීනොෆාම් අතර සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබා ඇත.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිය කොරෝනා වෛරස ප්‍රභේද ලැයිස්තුවට එකතු කර ඇති නවතම ප්‍රභේදය වන ලැම්බ්ඩා, දැනට අධික සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා දරුණු ප්‍රභේදයක් විය හැකි බවට අවධානය යොමුකර තිබේ.

Read More

කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ අයෙකු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීම හේතුවෙන් තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයූත් චාන්-චා නිරෝධායනයකට ලක්ව සිටින බව රජයේ ප්‍රකාශක අනුචා බුරපචයිස්රි පැවසීය.

Read More

නේපාලයේ කත්මණ්ඩු නිම්නයේ බලධාරීන් විසින් රාජ්‍ය හා පෞද්ගලික ප්‍රවාහන සේවා සඳහා පනවා තිබූ දැඩි කොවිඩ්-19 සීමා ලිහිල් කරමින්, වෙළෙඳ සැල් විවෘතව තැබීම සඳහා වැඩි මෙහෙයුම් කාලයක් ලබාදී තිබේ.

Read More

’’එක්සත් ජනපදය හෝ වෙනත් බටහිර බලවතුන් පාකිස්තානය වැනි රටවලට යම් පැත්තක් ගන්න යැයි බලපෑම් කිරීම ඉතාම අසාධාරණයි.’’ අගමැති ඉම්රාන් ඛාන් අවධාරණය කළේය. ’’මොන තරම් පීඩනයක් තිබුණත් චීනය සහ පාකිස්තානය අතර සම්බන්ධතාව වෙනස් වන්නේ නැහැ.’’

Read More

සිඩ්නි නුවර කොවිඩ්-19 අගුලු දැමීම දීර්ඝ කරන්නේද යන්න ඉදිරි පැය 24 තුළ තීරණය කිරීමට අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් මහ ඇමතිවරිය කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 184,106,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

නිවේදනයක් නිකුත් කරමින් ජාවා දූපතේ සර්ඩ්ජිටෝ රෝහල පැවසුවේ සෙනසුරාදා සිට ඉරිදා අලුයම දක්වා කාලය තුළ ඔක්සිජන් නොමැති වීමෙන් රෝගීන් 63 දෙනෙකු මිය ගිය බවය.

Read More

අධික ලෙස සම්ප්‍රේෂණය කළ හැකි ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මාසය අවසන් වනවිට ප්‍රංශය වසංගතයේ සිව්වැනි රැල්ලකට යොමුවිය හැකි බවට අනතුරු අඟවමින්, කොවිඩ්-19 මර්දන එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Read More

එරට අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී තිප්පකෝන් චන්තවොන්සා අද (04දා) ලාඕසයේ අගනුවර වියන්තියන් හි පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ අසල්වැසි රටවල තත්ත්වය අවදානම්සහගත බවය.

Read More

වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ලොවපුරා රාජ්‍යයන්ට සහාය වෙමින් සිටින චීනය, මුරුසි දූපත් රාජ්‍ය වෙත තවත් කොවිඩ්-19 මර්දන එන්නත් තොගයක් ලබාදී තිබේ.

Read More

පිලිපීන ගුවන් හමුදාවට අයත් සී-130 යානයක් දකුණු දූපතක් වෙත කඩා වැටී සිදුවූ අනතුරින් මියගිය පිරිස 47දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් හමුදා නිලධාරීන් 49දෙනෙකු තුවාල ලබා ඇති බව එරට හමුදා ප්‍රධානියා පවසයි.

Read More

චීන ගගනගාමීන් එරට අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා අභ්‍යවකාශයේ පිටතට පැමිණ සිදුකළ පළමු බාහිර ක්‍රියාකාරකම් සාර්ථකව සම්පූර්ණ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.