එන්නත් පමාවෙන් ඔස්ට්‍රේලියා අගමැති ජනප්‍රියත්වය පහළට
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ ජනප්‍රියත්වය වසරකට වැඩි කාලයක් තුළ පහළම මට්ටමට වැටී ඇති බව ප්‍රකාශයට පත් කරන ලද මත විමසුමකින් කියැවෙයි.
කොවිඩ්-19 එන්නත්කරණයේ මන්දගාමීත්වය හේතුවෙන් ඡන්දදායකයන් තුළ කොන්සර්වේටිව් රජය කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටී ඇත.
මත විමසුමට අනුව මොරිසන් වෙත වූ මහජන සහයෝගය පසුගිය සති තුන තුළ ලකුණු 2කින් 51% දක්වා පහත වැටී ඇත. මෙය විනාශකාරී ලැව්ගිනි සඳහා දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධයෙන් පසුගිය වසරේ මුලදී ඔහු විවේචනයට ලක්වීමෙන් පසුව දක්නට ලැබුණු පහළම අගය බවද කියයි.
එරට ජාතික එන්නත්කරණය මන්දගාමී වීම නිසා ඔස්ට්‍රේලියාව කොරෝනා වෛරස වසංගතයේ මාරාන්තික නව රැල්ලකට නිරාවරණය විය. මේ තත්ත්වය තුළ අගමැති මොරිසන් වැඩි පීඩනයකට ලක්ව ඇත. රටේ විශාලතම නගර දෙක වන සිඩ්නි සහ මෙල්බර්න් ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වීම වැළැක්වීමේ උත්සාහයක පොරබදිමින් සිටියි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

