saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

breaking-news - timelapse 7442 hours ago

LATEST

ඇමෙරිකාවේ ඩෙල්ටා ඉහළට රෝහල් පද්ධති උතුරා ගිහින්

calendar_today 2021 අගෝ 02 - 19:05 remove_red_eye - 577  

’’රෝහල් ගත කරනු ලබන්නේ බෙහෙවින් බාල වයස් කාණ්ඩයක්’’ යැයි මේරි පැවසීය. ’’පසුගිය වසර කිහිපය තුළම, බොහෝ බරපතල රෝගාබාධ සහිත පුද්ගලයින් සහ අපේ වැඩිහිටියන් සඳහා කොවිඩ් වෛරසයෙන් වැඩිම අවදානමක් ඇති බව බොහෝ දෙනෙකුට නැවත නැවතත් අසන්නට ලැබුණත්, ඩෙල්ටා ප්‍රභේදය පැහැදිලිවම තරුණයින් සඳහා සැලකිය යුතු අවදානමක් ගෙ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙසේ චීනයේ සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත එරට අවුරුදු 3 සිට 17 දක්වා ළමයින් සඳහා හදිසි භාවිත අනුමැතිය ලබාදී ඇත.

Read More

’’පසුගිය දශකය තුළ ඉන්දියානු කාන්තාවන් කුමන සමාජ හා ආර්ථික ජයග්‍රහණ ලබා ගත්තද, එය කොවිඩ්-19 කාලය තුළදී විශාල වශයෙන් අතුගා දමා තිබෙනවා’’ ඉන්දියාවේ විශාලතම වෘත්තීය සමිතිවලින් එකක් වන සමස්ත ඉන්දියානු වෘත්තීය සමිති සම්මේලනයේ මහලේකම් අමර්ජිත් කවුර් පැවසීය.

Read More

ශක්තිමත් ආරක්‍ෂිත හමුදාවක් සමග සමෘද්ධිමත් රටක් ගොඩනැගිය යුතු වන්නේ රටක් ආරක්‍ෂිත හා ස්ථාවර කිරීමට බලවත් හමුදාවකට පමණක් හැකි බැවින් යැයි චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.

Read More

වසංගතය පාලනය සම්බන්ධයෙන් රජය කටයුතු කරන ආකාරය ගැන අතෘප්තිය ප්‍රකාශ කරමින් මැලේසියාවේ ක්වාලලම්පූර් නගර මධ්‍යයට රැස්වූ විරෝධතාකරුවන් පිරිසක් අගමැති මුහයිඩින් යසින්ට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටියහ.

Read More

එන්නත් ලබා නොගත් ඇමෙරිකානුවන් ඩෙල්ටා වෛරසය ව්‍යාප්ත වනවිට වසංගතය ව්‍යාප්ත කරන නවතම වාහකයන් බවට පත්ව ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදයේ බෝවන හා වසංගත රෝග පිළිබඳ ප්‍රමුඛතම පුද්ගලයා වන වෛද්‍ය ඇන්තනී ෆවුසි අවධාරණය කරයි.

Read More

වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තිය හා සම්බන්ධ ආසාදන ඉහළ යා හැකි බවට චීන රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) අනතුරු අඟවා ඇති අතර, එන්නත ලබා ගැනීමෙන් පසුවත් මුඛ ආවරණ පැලඳීම වැනි සෞඛ්‍ය පුරුදු පිළිපැදීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ඉතා බෝවන ඩෙල්ටා වෛරස ප්‍රභේදය පැතිරීම පාලනය කිරීම සඳහා වැඩි කාලයක් ලබාදෙන ලෙස නිලධාරීන් ඉල්ලා සිටි බැවින් ඔස්ට්‍රේලියාවේ තුන්වැනි විශාලතම නගරය වන බ්‍රිස්බේන් සහ ඇතැම් අසල්වැසි ප්‍රදේශවල දින තුනක හදිසි අගුලු දැමීම එලැඹෙන ඉරිදා දක්වා දීර්ඝ කර තිබේ.

Read More

වා කාන්දුවක් හේතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු සේවා මොඩියුලයක පීඩනය පහත වැටී ඇති බව රුසියාවේ රොස්කෝස්මෝස් අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා අද (31දා) පවසා සිටියේය.

Read More

එන්නත් මගින් කොවිඩ් ආසාදනයට සහ දරුණු රෝග ඇති වීමට එරෙහිව ලබාදෙන ආරක්ෂාව කාලයත් සමග බොහෝ සෙයින් අඩු වීමට ඉඩ ඇති බැවින්, එන්නත් කිරීමේ වැඩසටහන් වසර ගණනාවක් අඛණ්ඩව සිදුවන බව විද්‍යාඥයන් බ්‍රිතාන්‍ය රජයේ උපදේශක කණ්ඩායමට පවසා තිබේ.

Read More

තායිලන්තය පුරා වසංගතයේ ප්‍රබල පැතිරී යාමත් සමග කොවිඩ්-19 මරණවලින් පිරී ඉතිරී ගිය එරට රෝහල් මෘත ශරීරාගාර 2004 විනාශකාරී සුනාමියේදී අවසන් වරට ගත් ක්‍රමවේදයකට යොමු වෙමින් මළ සිරුරු ශීතකළ කන්ටේනර් බහාලුම්වල ගබඩා කිරීම අරඹා තිබේ.

Read More

වසංගතයේ රැලි කිහිපයකදීම වෛරසය හොඳින්ම පාලනය කළ රටවල් අතර සිටි වියට්නාමය, මෙම අවස්ථාවේදී රට පුරා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යන අවදානමකට ලක්ව සිටියි.

Read More

ජෙයිෂ්-ඊ-මොහොමඩ් සටන්කාමී සංවිධානයේ අණ දෙන්නා වූ මොහොමඩ් ඉස්මයිල් අල්වි, ප්‍රාදේශීය අගනුවර වන ශ්‍රීනගර් නගරයට දකුණින් මෙසේ ඝාතනයට ලක්වූ බව කාශ්මීරයේ පොලිස් ප්‍රධානී පැවසීය.

Read More

’’වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් සඳහා තුන්වැනි මාත්‍රාව ලබා දීමෙන් ඊශ්‍රායලය පුරෝගාමියෙක් බවට ප්තවෙනවා. කොවිඩ්-19 වසංගතයට එරෙහි සටන ගෝලීය සටනක්. අපට කොවිඩ් පරාජය කළ හැකි එකම ක්‍රමය එක්ව කටයුතු කිරීමයි’’ ඊශ්‍රායල අගමැති බෙනට් පැවසීය.

Read More

ජපාන රජය ටෝකියෝ නගරයේ අසල්වැසි චිබා, කනගාවා සහ සයිටමා යන ප්‍රාන්ත තුන තුළ මෙන්ම, ඔසාකා ප්‍රාන්තයේ එලැඹෙන අගෝස්තු 2දා සිට 31දා දක්වා පැවැත්වෙන කොවිඩ්-19 ට එරෙහිව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

සෑම මසකම පාහේ නව සෞඛ්‍ය ආරක්ෂක පියවරයන් මෙන්ම, රටේ සෑම පුරවැසියෙකු සඳහා අනිවාර්ය එන්නත් ලබා දීමෙන්, ග්‍රීසියේ සංචාරක ව්‍යාපාරයට හිරු එළිය ලබාදීම සඳහා කළ හැකි සෑම දෙයක්ම කරන බව ග්‍රීක රජය පවසයි.

Read More

වොෂිංටන් පෝස්ට් පුවත්පත විසින් අනාවරණය කරන ලද අභ්‍යන්තර CDC ලේඛනයේ සඳහන් වූයේ ප්‍රථම වරට ඉන්දියාවේදී සොයාගත් සහ දැන් ලොව පුරා පැතිර ගොස් ඇති මෙම ප්‍රභේදය පැපොල රෝගය මෙන් වේගයෙන් බෝවන හා සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට හෝ උණට වඩා වේගවත් සම්ප්‍රේෂණයක් සහිත ප්‍රභේදයක් බවයි.

Read More

’’වෙහෙස මහන්සි වී ලබාගත් ජයග්‍රහණ අනතුරේ හෝ නැති වී යනවා. බොහෝ රටවල සෞඛ්‍ය පද්ධති කඩා වැටීමට ආසන්නයි’’ WHO ප්‍රධානියා පැවසීය. එනමුදු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරනලද එන්නත්වල ඵලදායී බව ගැන විශ්වාසය තබමින් එන්නත්කරණය වේගවත් කරන ලෙසද එම සංවිධානය අවධාරණය කරයි.

Read More

පාකිස්තානයේ ෆෙඩරල් රජය එන්නත් ලබාගත් සහතිකය නොමැතිව පොදු කාර්යාල, පාසල්, ආපනශාලා, පොදු ප්‍රවාහන, සාප්පු සංකීර්ණ සහ ගුවන් ගමන් සඳහා යොමුවීම තහනම් කරන බව නිවේදනය කළේය.

Read More

ජුනි මස අග භාගයේදී වෛද්‍ය විශේෂඥයන් පැවසුවේ ඔක්තෝබර් මාසය වනවිට ඉන්දියාවට තුන්වැනි කොරෝනා රැල්ලක් ඇති විය හැකි නමුත් එය විනාශකාරී අප්‍රේල්-මැයි වසංගතයට වඩා හොඳින් පාලනය කළ කරගැනීමට හැකිවනු ඇති බවයි.

Read More

කොරෝනා වෛරසයේ ඉතා බෝවන ඩෙල්ටා ප්‍රභේදය ඉතාලියේ ආධිපත්‍යය ලබාගෙන ඇති බව එරට ජාතික සෞඛ්‍ය ආයතනය අද (30දා) ප්‍රකාශ කළ අතර, ජූලි 20දා වනවිට වාර්තා වන ආසාදිතයන්ගෙන් 94.8%ක්ම ඩෙල්ටා ආසාදිතයන් බව පවසයි.

Read More

මියන්මාරයේ අවුන්සාන් සු කීගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව පසුගිය පෙබරවාරි 01දා බලයෙන් පහ කළ දින සිට හමුදාව සහ අලුතින් පිහිටුවන ලද කැරලි හමුදාවන් අතර විරෝධතා හා සටන් සමග මියන්මාරය අවුල් ජාලාවක් වී තිබේ.

Read More

අග්නිදිග ආසියාවේ ආසාදන රැල්ලක් සමග පොරබදමින් සිටින මියන්මාරයේ හමුදා පාලකයා කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවෙන් වැඩි සහයෝගයක් අපේක්ෂා කරන බව එරට රාජ්‍ය මාධ්‍ය අද (28දා) වාර්තා කළේය.

Read More

ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම වැළැක්වීම සඳහා රටේ විශාලතම නගරයේ පදිංචිකරුවන් තවත් මාසයකට දැඩි පීඩනයකට ලක්ව ඇති බැවින් එන්නත් කිරීමෙන් පමණක් සිඩ්නි නුවර කොවිඩ්-19 අගුලු දැමීම අවසන් නොවන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අවධාරණය කරයි.

Read More

පසුගිය සතියේ සිට ඔලිම්පික් උළෙල සඳහා සත්කාරකත්වය සැපයූ ටෝකියෝ නුවරින් පමණක් අද දිනයේ දෛනිකව කොවිඩ්-19 ආසාදිතයන් 3,177 ක් වාර්තා කර තිබේ.

Read More

පසුගිය සතිය හා සසඳන විට ගෝලීය වශයෙන් නව ආසාදිතයන් සංඛ්‍යාව 8%කින් ඉහළ ගොස් ඇති අතර එය බොහෝ දුරට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ බටහිර පැසිෆික් කලාපවල සැලකිය යුතු වැඩි වීමකට හේතු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය සතිපතා යාවත්කාලීන වාර්තාවේ සඳහන් කරයි.

Read More

වසංගතය භාවිත කරමින් වෙනත් රටවල් අපකීර්තියට පත් කිරීම සහ මූලාරම්භය සොයා ගැනීමේ ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීම මගින් ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අතෘප්තිය හා ප්‍රබල විරෝධය අවුලුවනු ඇති බවත් එය කිසිවිටෙකත් සාර්ථක උපාය මාර්ගයක් නොවන බවත් චීනය පවසයි.

Read More

රටේ විශාලතම නගරය තුළ කොවිඩ්-19 පැතිර යාම කලින් බලපෑමට ලක් නොවූ ප්‍රදේශයන් වෙත පවා ව්‍යාප්ත වීම නිසා ඔස්ට්‍රේලියානු බලධාරීන් සිඩ්නි නුවර සති තුනක් හෝ හතරක් ලොක්ඩවුන් තත්ත්වය දීර්ඝ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More

කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත් අයවලුන් පවා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රදේශවල ගෘහස්ථව ගැවසෙන විට මුඛ ආවරණ පැලඳ සිටිය යුතු බවට එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිර්දේශ කරයි.

Read More

ඇෆ්ගනිස්ථානය, ආර්ජන්ටිනාව, බ්‍රසීලය, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, ලෙබනනය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, තුර්කිය, වියට්නාමය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් ගණනාවක සංචාරය කිරීම හෝ සංක්‍රමණය කිරීම සෞදි අරාබිය විසින් තහනම් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.