මීට පෙර ඇමෙරිකාව විසින් දකුණු කොරියාවට සියයට 25ක බද්දක් පැනවූ අතර නව බදු පැනවීම යටතේද එම අගය එසේම පවතිනු ඇත. ජපානයට මීට පෙර සියයට 24ක බද්දක් පනවා තිබුණ අතර එය සියයට 25ක් දක්වා වැඩි කර තිබේ.
වස මිශ්‍ර හතු හා හරක් මස් මිශ්‍ර ආහාර වේලක් ලබා දී සිය ඥාතීන් තිදෙනෙක් ඝාතනය කළ බවට ඔස්ට්‍රේලියා ජාතික කාන්තාව වරදකාරිය බවට ඔස්ට්‍රේලියාවේ ජුලි සභාවක් තීන්දු කළේය. සති 10ක නඩු විභාගයකින් අනතුරුව 12 දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
Read Moreඇමෙරිකානු පක්ෂය නමින් විකල්ප දේශපාලන පක්ෂයක් ඇමෙරිකාවට හඳුන්වා දෙන බව ලෝකයේ අංක එකේ ව්‍යාපාරික එලෝන් මස්ක් සඳහන් කරයි.
Read Moreඇමෙරිකාවේ මධ්‍යම ටෙක්සාස් හි ඇතිවූ හදිසි ගංවතුරෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ගංවතුරෙන් දිවි ගලවාගත් අය සෙවීම සඳහා සහන සේවකයන් විශාල ප්‍රමාණයක් යොදවා තිබේ.
Read Moreසාර්ථක සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව වියට්නාමයෙන් ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා අය කරන බදු අනුපාතය මුලින් සඳහන් කළ සියයට 46ක අගයක සිට සියයට 20ක් දක්වා සියයට 26කින් පහළ දමා ගැනීමට වියට්නාමය සමත්ව තිබේ.
Read Moreඉන්දුනීසියාවේ බාලි සංචාරක දූපතේ මගී ප්‍රවාහන බෝට්ටුවක් ගිලී යාමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඊශ්‍රායලය සමඟ පැවැති දින 12ක ගැටුමේදී මියගිය හමුදාපතිවරුන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඇතුළු 60 දෙනෙකු පමණ වෙනුවෙන් ඉරානයේ රාජ්‍ය අවමංගල්‍යයක් පවත්වා තිබේ.
Read Moreඑයාර් ඉන්දියා ගුවන් අනතුරට අදාළව සොයා ගනු ලැබූ කළු පෙට්ටියේ පටිගත කිරීමේ දත්ත සොයා ගැනීමට හැකි වූ බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තහවුරු කර ඇති අතර එය විමර්ශනයේ ප්‍රධාන පියවරක් සනිටුහන් කරයි.
Read More2017 දී ජපානය පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජපානය කටයුතු කර තිබේ. 2022 න් පසුව ජපානය පළමු වරට මරණ දඩුවම ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය වෙයි.
Read More’’මෙම සිදුවීම අනාගතයේදී ද නැවත නැවතත් සිදුවිය හැකි අතර, ඕනෑම ප්‍රහාරයක් සිදු වුවහොත්, සතුරාට සහ ආක්‍රමණිකයාට සිදුවන හානිය නිසැකවම ඉතා ඉහළ වනු ඇත.’’
Read Moreඉරානයට එල්ල කරන ලද ප්‍රහාරවල ’’අරමුණු සාක්ෂාත් කර ගැනීමෙන්’’ පසු සටන් විරාම යෝජනාවට එකඟ වූ බව ඊශ්‍රායල රජය පවසයි.
Read Moreඊශ්‍රායලය සිය ’’නීති විරෝධී ආක්‍රමණය’’ නතර කළහොත්, ඉරානයටද ’’ප්‍රතිචාරය දිගටම කරගෙන යාමට කිසිදු අදහසක් නැත’’ යනුවෙන් ඉරාන විදේශ අමාත්‍ය සෙයිඩ් අබ්බාස් සිය එක්ස් ගිණුමෙන් පවසයි.
Read Moreඑක්සත් ජනපද ජනාධිපතිවරයාට ඉංග්‍රීසියෙන් කෙලින්ම කතා කරමින් සොල්ෆගාරි මෙසේ පවසයි: ’’ට්‍රම්ප් මහතා, සූදුකාරයා! ඔබ මෙම යුද්ධය ආරම්භ කළා, නමුත් අපි එය අවසන් කරන්නෙමු!’’
Read Moreඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට සිදුකරන උත්සාහයන් වැළැක්වීමට උදව් කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ චීනයෙන් ඉල්ලා තිබේ. මෙම සමුද්‍ර සන්ධිය ලෝකයට ඉතාමත් වැදගත් වෙළඳ මාර්ගයක් වන අතර, ලෝකයේ තෙල් හා ගෑස් වලින් හතරෙන් එකක් පමණ ඒ හරහා ගමන් කරයි.
Read Moreඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කළ සැලැස්මක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර ඇති බව බීබීසී පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
Read Moreඊශ්‍රායල සහ ඉරාන ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.
Read Moreඉන්දියාවේ උත්තරාකන්ද්හිදී හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් හත් දෙනොම ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඉරානය විසින් ඊශ්‍රායෙලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඊශ්‍රායෙල වේලාවෙන් ඊයේ රාත්‍රී 11.30ට පමණ මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර තිබේ.
Read Moreඅනතුරට පත්වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ කලු පෙට්ටිය අනතුර සිදු වූ ස්ථානයේ තිබී සොයාගෙන ඇති බව ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සිකුරාදා පැවසීය.
Read Moreඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ ’’හදවත’’ ඉලක්ක කරගනිමින් ඉරානය වෙත දැවැන්ත ප්‍රහාර මාලාවක් ඊශ්‍රායලය විසින් එල්ල කර තිබේ. ඉරාන රාජ්‍ය මාධ්‍යවලට අනුව, මෙම ප්‍රහාරවලින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධානී හොසේන් සලාමි මෙන්ම න්‍යෂ්ටික විද්‍යාඥයින් පිරිසක්ද ද මිය ගොස් ඇති බවට තහවුරු කර තිබේ.
Read Moreඉන්දියාවේ එයාර් ඉන්දියා ගුවන් අනතුරින් දිවි ගලවාගත් එක් පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඉන්දියාවේ අහමදාබාද් සිට එංගලන්තය බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් යානයක් ගුවන් ගත වී සුළු වේලාවකින් කඩාවැටී විශාල ගුවන් අනතුරක් සිදුව තිබේ. ගුවන් අනතුර සිදුවන අවස්ථාවේදි එම ගුවන් යානයේ මගීන් හා කාර්ය මණ්ඩලයේ 242ක් ගමන් කර තිබේ.
Read Moreනීතිවරෝධී සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්පගේ නියෝගයකට අනුව ක්‍රියාත්මක වූ මෙහෙයුම් සමග ලොස් ඇන්ජලීස් නුවර හට ගෙන ඇති නොසන්සුන්තාව පාලනය කිරීමට රාත්‍රි ඇඳිරි නීතිය පැනවීමට කැලිෆෝනියාව කටයුතු කර තිබේ.
Read Moreලේඛනගත නොකළ සංක්‍රමණිකයින්ට එරෙහි වැටලීම් හේතුවෙන් ලොස් ඇන්ජලීස්හි ඇතිව තිබෙන නොසන්සුන්තාවයට මුහුණ දීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොස් ඇන්ජලීස් වෙත ජාතික ආරක්ෂක භටයින් 2,000 ක් කැඳවා තිබේ.
Read Moreයුක්රේනයේ දෙවන විශාලතම නගරයට රුසියානුවන් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව කාර්කිව් නගරාධිපතිවරයා පවසා ඇති අතර, එමඟින් අවම වශයෙන් තිදෙනෙකු මිය ගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇත.
Read Moreඒම තහනම ලබන 9 දා සිට ක්‍රියාත්මක වෙයි. තහනමට යටත් වන රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, සමක ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි. මේ අතර තවත් රටවල් හතක ජාතිකයන් වෙනුවෙන් අර්ධ තහනමක්ද පැනවීමට ට්‍රම්ප් නියෝග කර තිබේ. එම රටවල් වන්නේ බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියෙරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාවයි.
Read Moreඉතාලියේ එට්නා ගිනි කන්ද යළි සක්‍රීය වී තිබේ.
Read Moreතායිලන්ත රූ රැජින ඔපල් සුචාටා 2025 ලෝක රූ රැජින ලෙස කිරුළු පැළඳිමට සමත්විය.ලෝක රූ රැජින තරගාවලියේ අවසන් මහ තරගය හයිද්‍රාබාද්හි HITEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ඊයේ රාත්‍රී අවසන් විය.
Read Moreට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වෙමින් තමන් ධවල මන්දිරයේ රාජකාරිවලින් ඉවත් වන බව ලෝකයේ අංක එකේ ධනවතා වන එලොන් මස්ක් පවසයි.
Read Moreජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
Read More