ලේඛනගත නොකළ සංක්රමණිකයින්ට එරෙහි වැටලීම් හේතුවෙන් ලොස් ඇන්ජලීස්හි ඇතිව තිබෙන නොසන්සුන්තාවයට මුහුණ දීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් ලොස් ඇන්ජලීස් වෙත ජාතික ආරක්ෂක භටයින් 2,000 ක් කැඳවා තිබේ.
ප්රධාන වශයෙන් ලතින් ඇමරිකානු දිස්ත්රික්කයක පදිංචිකරුවන් ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) ෆෙඩරල් නියෝජිතයන් සමඟ ගැටුම් ඇති කර ගැනීමත් සමඟ ලොස් ඇන්ජලීස් නගරය තුල දෙවන දිනටත් නොසන්සුන්තාවයක් ඇතිවිය.
නොසන්සුන් වූ ජනතාව විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ බැටන් පොලු භාවිත කිරීමටද කටයුතු කළේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් ට්රම්ප්ගේ දේශසීමා ආරක්ෂාව පිළිබඳ නිලධාරී සඳහන් කළේ "අපි ලොස් ඇන්ජලීස් වඩාත් ආරක්ෂිත කරනවා." යනුවෙනි.
මෙහෙයුම්වල ප්රතිඵලයක් ලෙස මේ සතියේ LA හි අත්අඩංගුවට ගැනීම් 118 ක් පමණ සිදු කරන ලද අතර කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් වැටලීම් "කුරිරු" ලෙස හෙළා දැක තිබේ.


