saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

breaking-news - timelapse 17 hours ago

LATEST

ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා

calendar_today 2026 මාර් 30 - 07:29 remove_red_eye - 1172  

’’සතුරා ප්‍රසිද්ධියේ සාකච්ඡා සංඥා කරන අතර රහසිගතව ගොඩබිම් ප්‍රහාරයක් සැලසුම් කරයි’’ යනුවෙන් ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලීබාෆ් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. ඔහු මේ බව සඳහන් කරන්නේ ඇමෙරිකානු හමුදා අනුඛණ්ඩ රාශියක් මේ වන විටත් මැද පෙරදිගට පැමිණීම ගැන අදහස් දක්වමිනි.

ඇමරිකානු මුදල් නෝට්ටු මත සිය අත්සන සටහන් කළ පළමු ඇමරිකානු ජනාධිපතිවරයා බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීමට නියමිත බව භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

Read More

තම ප්‍රධාන වාණිජ වරායට ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල වූ බව ප්‍රකාශ කිරිමෙන් අනතුරුව පැය කිහිපයකට පසු එහි දෙවැනි වරායටත් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

Read More

ජනාධිපති ට්‍රම්ප් සඳුදා නිවේදනය කළේ ඉරාන බලශක්ති බලාගාරවලට එරෙහිව සිය ප්‍රහාර අත්හිටුවීම තවත් දින 10කට දීරඝ කරන බවයි. සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඔහු පැවසුවේ එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා ’’දිගටම’’ පවතින හෙයින් මෙම තීරණය ගත් බවයි.

Read More

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා බ්‍රහස්පතින්දා නැව් හයක් යාත්‍රා කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් නැව් දෙකක් තවත් භාණ්ඩ ප්‍රවාහන නැව් හතරක් මෙසේ යාත්‍රා කර තිබේ.

Read More

පුළුල් පරාසයක පැතිරුණු ජාතික ආරක්ෂක නීතිය (NSL) උල්ලංඝනය කළ බවට සැක කරන ඕනෑම අයෙකුගෙන් හොංකොං පොලිසියට දැන් දුරකථන හෝ පරිගණක මුරපද ඉල්ලා සිටීමට .හැකි නව නීතියක් හොංකොං ස්ථාපිත කර තිබේ.

Read More

යුද්ධය කොපමණ කාලයක් ගතවේදැයි අසන ඊශ්‍රායල ජාතිකයින්ට සෘජු පණිවිඩයක් නිකුත් කරමින් ඊශ්‍රායෙල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ එයට ’’අවශ්‍ය තාක් කල් ගතවනු ඇත’’ යනුවෙනි. මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසිය. ’’අපි එක්ව වැඩ කරනවා. අපි එක්ව ජයග්‍රහණය කරනවා’’ යැයි ඔහු පැවැසීය.

Read More

තමන් එක්සත් ජනපදය හා ඊශ්‍රායලය සමඟ කරන යුද්ධයේදී මිට පෙර භාවිත නොකළ ආයුධ භාවිත කරන බව ඉරාන හමුදා ප්‍රකාශක අමීර් අක්‍රමිනියා බදාදා ප්‍රකාශ කළ අතර ඉදිරි දිනවලදී මෙම අවිආයුධ වැඩි තිව්‍රරත්වයකින් භාවිත කරන බවද පැවසීය.

Read More

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් තම රටේ ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඝාතනය කිරීම සම්බන්ධයෙන් ’’තීරණාත්මක’’ පළිගැනීමක් කරන බව ඉරාන හමුදා ප්‍රධානී අමීර් හටාමි තර්නය කරයි.

Read More

’’ඩ්‍රෝන යානා ආශ්‍රිත සිදුවීමක්’’ නිසා ඉන්ධන ටැංකියකට හානි වීමෙන් ඇතිවූ වූ ගින්නකින් පසු, ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව බලධාරීන් නිවේදනය කළේය.

Read More

ඉරානය සමඟ සෘජු සාකච්ඡා මගින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය නැව් ගමන් කරවීමට හැකි වූ බව ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් පවසයි.

Read More

සියලු දේ නිවැරදි වි ඇතැයි තමන්ට හැගී ගිය විට ඉරානයට එරෙහි යුද්ධය අවසන් කරන බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා ෆොක්ස් නිවුස් සමඟ පැවැති සාකච්ඡාවකදි මේ බව කීවේය.

Read More

ඇමරිකා එක්සත් ජනපදය විසින් අනුමත කරන ලද රුසියානු තෙල් සහ දැනට මුහුදේ යාත්‍රාවලට පටවා ඇති ඛනිජ තෙල් මිලදී ගැනීමට අනෙකුත් රටවලට අවසර දී ඇත.

Read More

යුදමය තත්ත්වයක් පවතින මැදපෙරදිග කලාපයේ හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඊයේ රාත්‍රියේදී තවත් ඳවෙළ නෞකා තුනකට ප්‍රහාර ඒල්ල වී තිබේ.

Read More

මැදපරදිග ගැටුම ’’කලාපය පුරා මිලියන සංඛ්‍යාත දරුවන්ට ව්‍යසනකාරී’’ වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය වන යුනිසෙෆ් පවසයි.

Read More

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි තුවාල ලබා ඇති නමුත් ඔහු ’’ආරක්ෂිත’’ බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්ගේ පුත්‍රයා පවසයි.

Read More

මැද පෙරදිග යුධමය තත්ත්වයත් සමගින් මෑත දිනවලදී දැවැන්ත අස්ථාවරත්වයකින් පසුව බදාදා දින වන විට තෙල් මිල බොහෝ දුරට ස්ථාවර වීමට පටන්ගෙන තිබේ.

Read More

අඟහරුවාදා උදෑසන ආසියිවේ වෙළඳාම ආරම්භයේදී තෙල් මිල සළකිය යුතු ප්‍රමාණයකින් පහළ වැටුණි. ඒ් අනුව බ්‍රෙන්ට් බැරලයක් ඩොලර් 92.50 (පවුම් 68.85) ක් ලෙස 8.5% කින් පමණ පහත වැටුණි. එක්සත් ජනපදයේ තෙල් බැරලයක් ඩොලර් 88.60 දක්වා 9% කින් පමණ පහත වැටුණි.

Read More

ඉරානයට එරෙහි යුද්ධය ඉක්මනින් අවසන් විය හැකි බව ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ’’ බොහෝ දුරට යුද්ධය ඉතා සම්පූර්ණයි’’ ට්‍රම්ප් පැවැසිය. එක්සත් ජනපදය ’’කාලසටහනට වඩා බොහෝ ඉදිරියෙන්’’ සිටින බව ඔහු පවසන අතර, ඉරානයට ’’නාවික හමුදාවක් නැත, සන්නිවේදනයක් නැත, ඔවුන්ට ගුවන් හමුදාවක් නැත’’ යනුවෙන් ඇමෙරිකානු ජනපතිවරයා පවසයි.

Read More

ඉරානය සමග ඇමෙරිකාව සිදුකරන සටනට අදාළව ඇමෙරිකාවේ හත්වැනි සෙබළාද මිය ගිය බව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉරාන උත්තරීතර සභාව විසින් තම රටේ නව අධ්‍යාත්මික නායකයා ලෙස හිටපු අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ පුත් මොජ්තාබා කමේනි තෝරාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඉරානය ’’කොන්දේසි විරහිතව යටත් විය යුතුයි’’ යැයි එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read More

චීනය ඉරානය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව නිර්නාමික මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය බ්‍රහස්පතින්දා වාර්තා කළේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා බොරතෙල් සහ කටාර් ගෑස් රැගෙන යන නැව්වලට ආරක්ෂිතව ගමන් කිරීමට ඉඩ දීම සඳහා ය.

Read More

එක්සත් ජනපදය විසින් ඉරානයට අයත් නැව් 30 කට වැඩි ප්‍රමාණයක් ප්‍රහාර එල්ල කර ගිල්වා දමා ඇති බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන ප්‍රධානි අද්මිරාල් බ්‍රැඩ් කූපර් පැවැසීය.

Read More

සෞදි අරාබියට එල්ල කළ කෘෘෂ් මිසයිල තුනක් විනාශ කළ බව සෞදිය පවසයි. ’’අල්-ඛාර්ජ් නගරයෙන් පිටත කෲස් මිසයිල තුනක් හඹා ගොස් විනාශ කරන ලදී,’’ යනුවෙන් සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය සමාජ මාධ්‍යවල පළ කළේය.

Read More

රියාද් හි එක්සත් ජනපද තානාපති කාර්යාලයට ඩ්‍රෝන යානා දෙකක් ප්‍රහාර එල්ල වි ඇති බව සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

Read More

ඉරානයේ හිටපු ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් ටෙහෙරානයේ ඔහුගේ නිවසට ඉරිදා එල්ල කළ එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් මිය ගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

Read More

ඇමෙරිකාව හා ඊශ්‍රා යෙලය එක්ව සිදුකළ මෙහෙයුම්වලදි ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඉරාන රාජ්‍ය මාධ්‍යවිසින්ද මේ බව තහවුරු කර තිබේ.

Read More

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ’’ජීවතුන් අතර’’ සිටින බව රාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි එන්බීසී ප්‍රවෘත්ති නාලිකාවේ හා සජීවීව එක්වෙමින් පැවැසීය.

Read More

මෙක්සිකෝවේ අංක එකේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවා වූ එල් මෙන්චෝ අත්අඩංගුවේදි ජිවිතක්ෂයට පත්වීමෙන් පසුව තඔහුගේ කාටලයේ සාමාජිකයන් විසින් ඇතිකර ඇති ප්‍රචණ්ඩත්වය පාලන කිරීම සඳහා අමතර බල ඇණි යෙදවීමට මෙක්සිකෝවේ ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.