ස්මාට්ෆෝනයක් මිලදී ගන්නට පෙර සොයා බැලිය යුතු කරුණු හතක්
01) නිෂ්පාදනය
ස්මාට්ෆෝනයක නිෂ්පාදන කාර්යය සම්බන්ධයෙන් පළමුව සලකාබැලිය යුතුය. ඔබේ අතේ ප්‍රමාණයට එය ගැළපෙනවාද? එහි හඬ අඩු වැඩි කිරීම් බොත්තම් සහ බලගැන්වුම් බොත්තම් ඔබට පහසු ලෙස පිහිටා තිබෙනවාද?
එහි ෆින්ගර්ප්‍රින්ට් ස්කෑනරය ඔබේ ඇඟිල්ල පහසු ලෙසින් තැබිය හැකි ලෙස පිහිටුවනවාද? ඕඩියෝ ජැක් එකක් අන්තර්ගතද? යන කාරණා සියල්ල මෙහිදී සිතිය යුතුය.
02) කාර්යක්ෂමතාව
ස්මාට්ෆෝනයේ රැම් අගය සහ ප්‍රොසෙසරය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ යුතුය.
ඒ ඔබ ස්මාට්ෆෝනයක් ගෙන එහි සිදු කරන්නට බළාපොරොත්තුවන වැඩ කටයුතුවලට අදාළ ස්මාට්ෆෝනයේ අන්තර්ගත ධාරිතාවන් සැසඳෙනවාද යන්නය. එනිසා කාර්යක්ෂමතාව පිළිබඳ සලකා බැලීම වටී.
03) තිරය
ස්මාට්ෆෝනයේ තිරය යනු එයින් සිදුවන සියලු කාරණා ඔබට දැක ගත හැකි පෘෂ්ටයයි.
එනිසා අදාළ ස්මාට්ෆෝනයේ තිරය ඔබේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙසින් ප්‍රමාණාත්මකව ඇති දැයි වටහා ගත යුතුය.
04) බැටරිය
ස්මාට්ෆෝනය ප්‍රමාණයෙන් විශාල නම් ඒ තුළ ජවාධික බැටරියක් අන්තර්ගත කළ හැකි මුත්, ඇතැම් නිෂ්පාදකයන් එලෙස නොකරයි.
එහෙයින් වැඩි මුදලක් වෙන්කර එවන් ස්මාට්ෆෝනයක් මිලදී ගැනීමට පෙර දෙවරක් සිතිය යුතුය. මන්දයත් පැය හතරකට වරක් නැවත චාජ් කරන්නට සිදුවන ස්මාට්ෆෝනයක් කොතරම් විශිෂ්ට වුවත් පළක් නැත.
05) කැමරාව
ස්මාට්ෆෝනයේ කැමරා පද්ධතිය පිළිබඳවද සලකා බැලිය යුතුය.
එහි කැමරාව හුදෙක් මෙගාපික්සල් ප්‍රමාණයකින් පමණක් නොමැන සෙන්සරය, වීඩියෝ ගුණාත්මක භාවය, අමතර විශේෂාංග, ෆ්ලෑෂරයේ දීප්තිමත් බව මෙන්ම ඉදිරිපස කැමරාවේ ගුණාත්මක බව සම්බන්ධයෙන්ද සිතිය යුතුය.
06) මෙහෙයුම් පද්ධතිය
ඔබට අවශ්‍ය වැඩකටයුතු කරගන්නට සහ ඔබට භාවිතයට පහසු යැයි සිතෙන ස්මාට්ෆෝන් මෙහෙයුම් පද්ධතිය තෝරාගත යුතුය.
එය ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් අයිඕඑස් වේවා ඔබේ භාවිතයේ පහසුව මිස අනෙකුන්ගේ නිර්දේෂ කිරීම් මත නොපිහිටා ගත යුතු තීරණයකි.
07) මිල
ස්මාට්ෆෝනයේ අවසාන අංගය ලෙසින් ඉදිරිපත් කළද එය වැදගත් සාධකයකි. වෙළඳ පොළේ පවතින ස්මාට්ෆෝන් අතරින් වැඩි මිලක් සන්නාමයට වෙන්වේ.
එනිසා ඔබ මිලදී ගන්නා ප්‍රධාන තරගකරුවාගේ නිෂ්පාදනයට වඩා දෙගුණයකින් මිල අඩු වෙනත් අප්‍රසිද්ධ සන්නාමයක ස්මාට්ෆෝනයක් පහසුවෙන් සොයා ගත හැක.
එනිසා පළමුව ඔබේ අවශ්‍යතාවන්ට අනුව සරිලන ස්මාට්ෆෝනය තීරණය කර ඉන්පසු එම අවශ්‍යතාවන් සත්‍යාපනය කරන ලාභදායීම දුරකථනය සොයාගන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

