ස්ටීවන් හෝකින්ගේ විශිෂ්ට කියමන් 07ක්
- 26 03 2018
- 10:05
- {{hitsCtrl.values.hits}} views
- නඳුන් ශ්‍යාමාල්
ඇල්බට් අයින්ස්ටයින්ගෙන් පසුව ලෝකයේ පහළ වූ විශිෂ්ටතම විද්‍යාඥයා ලෙස සැලකූ ස්ටීවන් හෝකින් පසුගියදා මියගියේ ලෝකයට තවත් ශ්‍රේෂ්ඨයෙකුගේ හිඩසක් ඇති කරමිනි. ඔහු පැමිණි ශ්‍රේෂ්ඨත්වයේ ගමන් මග පුරාම ඔහු මුහුණදී ජයගත් අභියෝග බොහෝය. මේ ඔහු ලෝකයට සිය දිවියෙන් ලබාදුන් පණිවුඩ කිහිපයකි. වර්ෂ 1942 ජනවාරි මස 8 වැනිදා බ්‍රිතන්‍යයේ ඔක්ස්ෆර්ඩ්ෂයර් හි උපත ලබන ස්ටීවන් හෝකින් පසුගිය 14 වැනිදා මියගියේය.
01. ජීවිතය තුළ විනෝදයක් නොමැති නම් එම ජීවිතය සම්පූර්ණයෙන්ම වැදගත්කමක් නොමැති විකාරයක් බවට පත්වනු ඇත.
02. බුද්ධිය යනු අභියෝග භාරගැනීමට ඔබ තුළ පවතින හැකියාවයි.
03. සමහර විට දෙවියන් කියා පිරිසක් විශ්වයේ ඇති. නමුත් විද්‍යාවට දෙවියන්ගේ උදව් නැතුව විශ්වය ගැන සොයන්න පුළුවන්.
04. නිතර තරහ ගන්නා පුද්ගලයන් වෙනුවෙන් හා විවේචනය කරන අය වෙනුවෙන් ඔබ කිසිදු අයුරකින් ඔබේ කාලය වෙන්කළ යුතු නැත.
05. ශක්තිමත් මිනිසුන් නිරන්තරයෙන්ම නිහඬය.
06. හොඳ මිනිසුන්ව අධම ගති අැති මිනිසුන්ට පෙනෙන්නේ පිස්සන් ලෙසය.
07. ජීවිතය යනු ගැටලු සහ අභියෝගවලින් පිරුණු දෙයක් බව සැබෑවක් නමුත් ඒ ජීවිතය තුළ පවතිනවා ඔබට හොඳින්ම සිදුකළ හැකි හා ඔබට සාර්ථක විය හැකි දෙයක්. එය සොයාගන්න.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


