සඳුදා උදෑසන අලස නොවී කාර්යයාලයේ වැඩකිරීමට උපායන් 7ක්
01) ඉරිදාවේ හොඳ නින්දක්
විනෝද ගමන් සහ සාද නිමාකරනුයේ ඉරිදා රාත්‍රියට වීම හේතුවෙන් එදින රාත්‍රියේ බොහෝ අවස්ථාවන්හිදී තෙහෙට්ටුව අධිකව නින්දට වැටේ.
ඒ නිසා සඳුදා උදෑසන අවදි වීම ඉතාමත් අපහසු දෙයක් බවට පත්වී තිබේ. එහෙයින් අනිවාර්යයෙන්ම ඉරිදාවේ හොඳ නින්දක් ලබන්නට සියලු රසවින්දන කටයුතු ඉරිදා සවස් වන විටවත් නිමා කරන්න.
02) වැඩ සැලැස්මක්
සඳුදා කාර්යාලයේදී අවසන් කිරීමට ඇති වැඩ ප්‍රමාණය ඉරිදා දවස තුළ සකස් කර ගැනීමට හැකි නම් එය සඳුදා දවස වඩා හොඳ අරමුණකින් ආරම්භ කිරීමට හේතු විය හැක.
එසේම සඳුදාට හැකි තරම් අධික වැඩ ප්‍රමාණයක් යොදාගෙන එදා දවසින් ඒ වැඩ සියල්ල අවසන් කිරීමට අරමුණු කළහොත් එය එළැඹෙන සතියම විවේකීව සිටීමට උපකාරයක් විය හැක.
03) පෙර සූදානම
උදෑසන අවදිවී දුරකථනය චාජ් කරනවාට වඩා පෙර දිනයේ දුරකථනය චාජ් කර, ඇඳුම් මැද, සපත්තු පොලිෂ් කර, හැකි නම් සඳුදාට නියමිත වැඩ කටයුතු කිහිපයකුත් සිකුරාදා දිනයේම අහවර කළ හැකි නම් එය සඳුදා උදෑසන හිතට නිදහසක් ගෙන ඒවි.
04) හිත කැමතිම දේ
ඔබේ සිත කැමතිම දේ සඳුදා වෙනුවෙන් සූදානම් කිරීම මගින් ඔබේ සිතට මානසික අල්ලසක් දීමට ඔබට හැකිය.
ඔබ අඳින්නට කැමතිම ඇඳුම එදිනට ඇඳීමට මෙන්ම ඔබේ පෙම්වතිය හෝ පෙම්වතා මුණගැසීමත් එදිනට යොදාගැනීමට ඔබට හැක.
05) සඳුදා උදෑසන
සඳුදා උදෑසන සැහැල්ලුවෙන් ගත කරන්නට හැකි නම් ඒ සතියටත් එය සුබවාදීව බලපාවි.
මිතුරන් සමග උදෑසනට තේ එකක් බොන්නට යෑමට, පසුගිය සතියේ රසබර සිදුවීම් වෙබ් අඩවි හරහා නැරඹීමට, සඳුදා උදෑසන යම් කාලයක් වෙන් කරගත හැකිනම් එය මානසිකව ධනාත්මක බලපෑමක් ඉටුකරාවි.
06) සඳුදා සවස
ඔබ සතිපතා ඔබ වෙනුවෙන් සිදුකරන වැඩ කටයුතු අතරේ මිතුරන් සමග සවසක සාදයකට, ශරීර සුවතා මධ්‍යස්ථානයකට යෑමට වේලාවක් සඳුදා දිනයට යොදාගන්න.
සාමාන්‍යයෙන් ඔබ එවැන්නකට වෙන් කරන්නේ සතියේ වෙනත් දවසක් නම් එය සඳුදාට යොදා ගැනීම මගින් එම කටයුත්තට සිතෙහි ඇති ආශාව හේතුවෙන් ඔබට කාර්යාලයට යෑමට පෙලඹවීමක් ඇතිවිය හැක.
07) නොහැකි වුණොත්
යම් හෙයකින් ඔබේ කම්මැලිකම් නිසා සඳුදා උදෑසන ඔබට අතපසුවීමක් සිදු වුවහොත්, ඒ හේතුවෙන් ඔබට මුහුණ දීමට සිදුවන අභාග්‍ය සම්පන්න සිදුවීම් සිහිපත් කිරීම.
(ප්‍රධානියාගෙන් ඇසීමට සිදුවන ඇණුම් බැණුම්, අඟහරුවාදා දිනයට ගොඩ ගැසෙන වැඩ) ඔබට එලෙස නොවන්නට උත්ප්‍රේරකයක් වේවි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

