දිය ඇල්ලක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ ස්වාභාවිකව එකතුවන ජලය අංශක 35කට නොඅඩු බෑවුමක් ඔස්සේ වසරකට මාස 04කට නොඅඩු කාලයක් තුළදී මිනිත්තුවකට ජල ලීටර් 100කට නොඅඩු ජල ධාරාවක් ඇද හැළෙන ස්ථානයකි.
ඒ ආකරයෙන් වූ ලොව උසින් වැඩිම මනස්කාන්ත වූ දිය ඇලි 7ක් පහතින් දක්වා තිබේ.
01) ඒන්ජල් දිය ඇල්ල
ලොව උසින් වැඩිම දිය ඇල්ල ලෙස හඳුන්වනු ලබන්නේ මෙයයි. දිය ඇල්ලේ උස අඩි 3212 (මීටර් 979)ක් වේ.
මෙම දිය ඇල්ල දකුණු ඇමෙරිකාවේ ගිනිකොණ දිග වෙනිසියුලාවට අයත් “කරාඩි” නදියෙන් පෝෂණය වේ.
02) ටුගෙලා දිය ඇල්ල
මෙම දිය ඇල්ල දකුණු අප්‍රිකාවේ පිහිටා තිබේ. 'ටුගෙලා' දිය ඇල්ල ලොව උසින් වැඩි දිය ඇලි අතර දෙවන ස්ථානය හිමිකර ගනී.
මෙම දිය ඇල්ලේ උස අඩි 3110 (මීටර් 948)ක් වන අතර මෙය ක්වාසුලු නටාල් ආශ්‍රිතව 'ඩ්‍රැකන්ස්බර්ග්' කඳු පංතියට අයත් කඳු පහක් ඔස්සේ ගලා බසී.
hhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh
03) කැටරටාස් ලාස්ටෙස් හර්මනාස් දිය ඇල්ල
මෙම 'කැටරටාස් ලාස්ටෙස් හර්මනාස් දිය ඇල්ල' පේරුහී රියෝ කට්විරේනි පළාතේ පිහිටා ඇත. මෙහි උස අඩි 2999 (මීටර් 914)ක් වේ.
මෙම දිය ඇල්ල ලොව උසින් වැඩි දිය ඇලි අතර තෙවන ස්ථානය හිමිකර ගනී.
04) ඔලුව්පීනා දිය ඇල්ල
ලොව උසින් වැඩි දිය ඇලි අතර සිව්වන තැන හිමිකර ගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි දූපත් සමූහයට අයත් මොලොකායි දූපතට ආසන්නව කඳු පර්වත අතරින් කඩා හැළෙන ඔලුව්පීනා ඇල්ලයි.
මෙම දිය ඇල්ලේ උස ප්‍රමාණය අඩි 2953 (මීටර් 900)ක් වේ.
05) කැටරාටා යුම්බිල්ලා දිය ඇල්ල
පේරු රටට අයත් ඇසෝනා ප්‍රදේශයේ පිහිටා ඇති 'කැටරාටා යුම්බිල්ලා ඇල්ල' ලොව උසම දිය ඇලි අතරින් පස්වන තැන හිමි කරගෙන ඇත.
මෙම දිය ඇල්ලේ උස ප්‍රමාණය අඩි 2940 (මීටර් 896)ක් වේ.
06) වින්නුෆොසෙන් දිය ඇල්ල
වින්නුෆොසෙන් දිය ඇල්ල නෝර්වේ රාජ්‍යයේ සුන්ඩා කඳුකර වනාන්තර ප්‍රදේශයේ පිහිටා ඇත.
මෙම දිය ඇල්ල ලොව උසින් වැඩි දිය ඇලි අතර හයවන ස්ථානය හිමිකර ගන්නා අතර, එහි උස ප්‍රමාණය අඩි 2822 (මීටර් 860)කි.
07) බලායි ෆොසේන් දිය ඇල්ල
මෙම දිය ඇල්ලද නෝර්වේ රාජ්‍යයේ පිහිටා ඇති අතර, මෙම දිය ඇල්ලේ උස අඩි 2789 (මීටර් 850)ක් වේ.
ඒ අනුව මෙම දිය ඇල්ල ලොව උසම දිය ඇලි අතර හත්වැනි ස්ථානය හිමි කරගෙන ඇත.