ලෝක රතු කුරුස සංගමය පිළිබඳ කරුණු 7ක්
- 9 05 2018
- 11:29
- {{hitsCtrl.values.hits}} views
- ඉන්ද්‍රමූර්ති ජයසූරිය
01 ලෝක රතුකුරුස දිනය මැයි මස 8වැනි දිනට යෙදී ඇත. රතුකුරුස සංවිධානයේ නිර්මාතෘ ෂෝන් හෙන්රි ඩුනන්ට් මහතා උපත ලබා ඇත්තේ 1828 මැයි 8 වැනිදායි. ඔහුගේ මවුරට වූයේ ස්විට්සර්ලන්තයයි. ඒ අනුව සෑම වසරකම මැයි මස 8 වැනිදා ලෝක රතුකුරුස දිනය සැමරේ.
02 ඩුනන්ට් මහතා 1863-1877 කාලයේදී පැවැති යුද්ධයේ දී තුවාල ලැබූවන්ට සහන සැලසීම සඳහා ජාත්‍යන්තර කමිටුවක් පිහිටුවීය. වර්තමානයේ ජාත්‍යන්තර රතුකුරුස සංගමය ලෙස ක්‍රියාත්මක වන්නේ එයයි.
03 රතුකුරුස සංගමය පිහිටුවා ලොවට කළ සේවය වෙනුවෙන් 1901දී ඩුනන්ට් මහතා ප්‍රථම නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීය.
04 රතුකුරුස සංවිධානය ආරම්භ වූ ස්විට්සර්ලන්තයට කරන ගෞරවයක් ලෙස එරට ජාතික කොඩිය මඳක් සංශෝධනය කර රතුකුරුස ලාංඡනය නිර්මාණය කර තිබේ.
05 වර්තමානය වනවිට ලොව රටවල් 190ක පමණ රතුකුරුස සංවිධානය ක්‍රියාත්මක වෙයි.
06 රතුකුරුස සංගමෙය් වර්තමාන සභාපතිවරයා වන්නේ පීටර් මෝයර් මහතාය. 2012 ජූලි මසයේදී ඔහු සභාපතීත්වයට පත්වී ඇත. ඔහුද ස්විට්සර්ලන්ත ජාතිකයෙකි.
07 ශ්රීි ලංකාවේ රතුකුරුස සංවිධානය ආරම්භ වනුයේ 1936දීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
