ලොව වේගවත් සත්ත්වයා පිළිබඳ තොරතුරු 07ක්
- 15 05 2018
- 17:06
- {{hitsCtrl.values.hits}} views
- ඉන්ද්‍රමූර්ති ජයසූරිය
01. මෙතෙක් සොයාගෙන ඇති ලෙව වේගවත්ම සත්ත්වයා ලෙස සැලකෙනුයේ චීටාය. චීටා පැයට කිලෝමීටර 112ක් පමණ වේගයකින් තම ගොදුරු වෙත ළඟාවේ. එ් උපරිම වේගය වන අතර සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර 64ක් පමණ වෙයි.
02. චීටාගේ වේගවත්භාවයට ඔහුගේ කොඳු ඇට පේළිය (කශේරුකාව) හේතුවෙයි. එසේම වේගය වැඩි කිරීමට ඉතා දැඩි තද පේශී සහිත පාද චීටාට ඉවහල් වේ.
03. චීටාටවන් ලෝකයේ දක්නට ඇත්තේ උතුරු, දකුණු, නැගෙනහිර අප්‍රිකානු රටවලය. ඉරානයේද චීටාටවන් සුළු ප්‍රමාණයක් ඇති බව පැවසේ.
04. චීටාට ගොදුරුවන සතුන් අතර antilop gasell, Wildbeest හා Impala යන මුවන් විශේෂයයි. බොහෝ විට චීටා කුසගිනි දැනුණු විට පමණක් දඩයමක් කරන්නට පෙළඹෙන සත්ත්වයෙකි.
05. චීටා ගැහැනු සත්ත්වයෙකු පැටවුන් තුනත් හතරත් අතර ප්‍රමාණයක් බිහි කරයි. මව විසින් සති හතක් පමණ ගතවීමෙන් පසු පැටවුන්ට ගොදුරු සෙයාගැනීමට පුහුණු කරයි.
06. වර්ෂ 2016දී ලෝකයේ චීටාවන්ගේ ගහනය 7000 - 8000 තරම් සුළු ප්‍රමාණයක් බව සත්ත්ව විද්‍යාඥයන් සඳහන් කරයි. ඒ අනුව චීටා ලොකයේ ඉතා දුර්ලභ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්වයෙකි.
07. චීටාවන්ගේ වාසභූමි අහිමි වීම හා චීටාවන්ව දඩයක්කරුවන් විසින් දඩයම් කිරීම නිසා චීටා වඳවීමේ ප්‍රධාන හේතුය. වාසභූමි අහිමිවීමෙන් ගොදුරු නොමැතිව බඩගින්නේ සිට චීටාවන් මිය යාමටද සිදුවී ඇත. එසේම ආහාර හිඟකමින් පැටවුන් බිහිකිරීමේ ශක්තියද ඔවුනට හීන වී ඇති බව සත්ත්ව විද්‍යාඥයන් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


