ලොව විශාලතම කාන්තාර භූමි හතක්
කාන්තාරයක් යනු ඉතා කුඩා (වාර්ෂිකව මි.මී. 250 අඩු) වර්ෂාපතනයක් සහිත දේශගුණික කලාපයකි. ඒ අනුව විවිධ වූ භූගෝලීය සාධක මත කාන්තාර වර්ග 4ක් දැක ගත හැකිය.
i. ධ්‍රැවීය කාන්තාර, ii. අර්ධ ශුෂ්ක කාන්තාර, iii. ශීත සෘතුවේදී ඇතිවන කාන්තාර, iv. සිසිල් වෙරළාශ්‍රිත කාන්තාර ඒවායි.
01) ඇන්ටාටිකාව
ඇන්ටාටිකාව දක්ෂිණ ධ්‍රැවයේ පවතින විශාල මහද්වීපයක් වශයෙන් සලකනු ලබන අතර මෙය අධික සීත කාලගුණයක් සහිත ප්‍රදේශයක් ලෙස සලකනු ලබයි.
මෙම ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය මි.මී. 200ටත් අඩු වර්ෂාපතනයක් ඇද හැලේ.
මෙම කාන්තාරය වර්ග කිලෝමීටර් 14,000,000ක් විශාල භූමී ප්‍රමාණයකින් යුක්තවේ.
02) ආක්ටික් කාන්තාරය
මෙම කාන්තාරය ලොව දෙවන විශාලතම කාන්තාරය ලෙස හැඳින්වෙන අතර එය වර්ග කිලෝමීටර් මිලියන 5.4ක භූමි ප්‍රමාණයකින් යුක්ත වේ.
විශේෂයෙන් මෙම කාන්තාර ප්‍රදේශය කැනඩාව, ඩෙන්මාර්කය, නෝර්වේ, රුසියාව, ස්වීඩනය සහ එක්සත් ජනපදය යන රටවලට අයත් විශාල භූමි ප්රදේශයකි.
03) සහරා කාන්තාරය
සහරා කාන්තාරය ලොව විශාලම කාන්තාර තුන්වන ස්ථානය හිමිවන අතර මෙය ලොව උණුසුම්ද කාන්තාරයද වෙයි.
මෙම කාන්තාරය උතුරු අප්‍රිකාවේ වර්ග කිලෝමීටර් මිලියන 3.5ක භූමි ප්‍රදේශයක ව්‍යාප්තව ඇති අතර වාර්ෂික වර්ෂාපතනයද ඉතා පහළ මට්ටමක පවතී.
විශේෂයෙන් ලොව දිගින් වැඩිම ගංගාව වන නයිල් නදියද මෙම කාන්තාරය හරහා ගමන් කරනු ලබයි.
04) අරාබි කාන්තාරය
අරාබි කාන්තාරය අරාබි ප්‍රදේශයේ බොහෝ ප්‍රදේශ ආවරණය වන පරිදි බටහිර ආසියාව තුළ පිහිටා ඇත.
මෙය ලොව විශාලතම කාන්තාර අතර සිවුවන ස්ථානය හිමි කරගන්නා අතර එහි විශාලත්වය වර්ග කිලෝමීටර් 900,000ක භූමි ප්‍රමාණයකින් යුක්ත වෙයි.
මෙය යේමනය, ගල්ෆ්, ඕමානය, ජෝර්දානය සහ ඉරාකය යන රටවලට ආවාරණය වන අතර මෙහි වාර්ෂික වර්ෂාතනය මි.මී. 100ක් පමණ වේ.
05) ගෝබි කාන්තාරය
ගෝබි කාන්තාරය ආසියා මහද්වීපයට අයත් අතර එය වයඹ සහ උතුරු චීනයේ කොටසක් ආවරණය වන පරිදි පිහිටා ඇත.
ඒ අනුව මෙම කාන්තාරය ලොව විශාලම කාන්තාර අතර පස්වන ස්ථානය හිමිකර ගන්නා අතර වර්ග කිලෝමීටර් 500,000ක් පමණ භූමි ප්‍රමාණයකින් යුක්තවේ.
06) කලහාරි කාන්තාරය
කලහාරි කාන්තාරය දකුණු අප්‍රිකාවේ පිහිටා ඇති අතර එය නැම්බියාව, බොට්ස්වානා සහ දකුණු අප්‍රිකාව යන රටවල් ආවරණය වන පරිදි පිහිටා ඇත.
මෙම කාන්තාරය ලොව විශාලත්වයෙන් හයවන ස්ථානය හිමිවන අතර එහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 360,000ක ප්‍රමාණයකින් යුක්ත වේ.
07) මහා වික්ටෝරියා කාන්තාරය
මහා වික්ටෝරියා කාන්තාරය ඔස්ට්‍රේලියාවේ විශාලතම කාන්තාරය වන අතර එය ලොව විශාලම කාන්තාර අතර හත්වන ස්ථානය හිමිකර ගනියි.
ඒ අනුව මෙම කාන්තාරයේ විශාලත්වය වර්ග කිලෝමීටර් 220,000ක් පමණ වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

