ලොව කුඩාම රටවල් 7
01) වතිකානුව
ලොව කුඩාම රාජ්‍යය වන වතිකානුව වර්ග කි.මී 0.44 වේ. සම්පූර්ණයෙන්ම ඉතාලියේ රෝම නගරය තුළ පිහිටි රටකි.
උග්රකතෝලික භක්තිකයන් ජීවත්වන අතර මෙහි පාලකයා වන්නේ ශුද්ධ වූ පාප් වහන්සේය. ලොව විශාලතම දේවමැදුර වන ශාන්ත පීතර බැසිලිකාව මෙහි පිහිටා තිබෙනවා. මෙහි ජනගහනය 1,000ක් පමණ වේ.
02) මොනාකෝ
ප්‍රංශය තුන් පැත්තකින් වට වූ හා අනෙක් දෙසින් මුහුදින් වට වූ මොනාකෝ රාජ්‍යය වර්ග කි.මී 2කි. ලොව ඒක පුද්ගල ආදායම අතින් ඉහළම රාජ්‍යයයි.
මෙහි සියලු වැසියන් ධනවතුන්ය. ප්‍රංශ භාෂාව ප්‍රධාන භාෂාවයි. රට තුළ එකම ගසක්වත් නැත. මෙහි ජනගහනය 30,581ක් පමණ වන අතර ලොව වැඩිම ජන ඝනත්වය ඇති රාජ්‍යයද වේ.
03) නාවුරු
ලොව කුඩාම දූපත් රාජ්‍යය වන නාවුරු රාජ්‍යය වර්ග කි.මී 21කි. ඔස්ට්‍රේලියාවට නැගෙනහිරින් පිහිටා තිබේ.
විරැකියාව අතින් ගත්කල 90% වන අතර මෙහි ජනගහනයෙන් 90% දියවැඩියා රෝගීහු වෙති. මෙහි ජනගහනය 9,591ක් පමණවේ.
04) ටුවාලු
කලක් එලිස් දිවයින් ලෙස හැදින්වූ ටුවාලු රාජ්‍යය විශාලත්වය අතින් වර්ග කි.මී 26කි. ඔස්ට්‍රේලියාවට උතුරු නැගෙනහිර දෙසින් පිහිටා ඇති අතර රට තුළ මහා මාර්ග වල දිග කි.මී 8කි.
රට තුළ ඇත්තේ එකම රෝහලකි. සංචාරකයන් පැමිණීම අතින් ඉතා දුර්වල රාජ්‍යයකි. ජනගහනය 10,959ක් පමණ වේ.
05) ලිච්ටෙන්ටයින්
ස්විට්සර්ලන්තය හා ඔස්ට්‍රියාව අතර ඇල්ෆ්ස් කදුවැටි ආශ්‍රිතව පිහිටි තවත් මනරම් රාජ්‍යයකි. විශාලත්වය වර්ග කි.මී 160කි. රජ කුමරකු අතින් පාලනය වන මෙහි ප්‍රධාන භාෂාව ජර්මානු භාෂාවයි.
ලොව අඩුම රැකියා විරහිත ප්‍රතිශතය වන 1.5% වාර්තා වන්නේ මේ ලිච්ටෙන්ටයින් රාජ්‍යයෙනි. මෙම රටට ඇති එකම අඩුපාඩුව වන්නේ රට තුළ ගුවන් තොටුපළක් නොමැති වීමයි. මෙහි ජනගහනය 37,937ක් පමණ වේ.
06) ශාන්ත කිට්ස් සහ නේවිස්
බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලට අයත් මෙම රාජ්‍යය විශාලත්වය අතින් වර්ග කි.මී 261 වේ. සංචාරක ව්‍යාපාර, කෘෂිකර්මය හා කුඩා නිෂ්පාදන මත මෙම රටේ ආර්ථිකය රඳා පවති.
මෙය කලක් ප්‍රසිද්ධ සීනී අපනයනය කළ රටක් විය. 1983 දී සාන්ත කිට්ස් සහ නේවිස් ලෙස නිදහස ලැබීය. මෙහි ජනගහනය 52,329ක් පමණවේ.
07) ශාන්ත මැරිනෝ
වර්ග කි.මී 61 විශාල මෙම රාජ්‍යය සම්පූර්ණයෙන්ම ඉතාලියෙන් වට වූ රාජ්‍යයකි.
යුරෝපය තුළ තුන්වන කුඩාම රාජ්‍යයයි. පසුව ලෝකයේ පැරණිතම ජනරජය බවට ශන්ත මැරීනෝ හැඳින්වේ.මෙහි ජනගහනය 33,285ක් පමණවේ.
සටහන - කසුන් රණසිංහ / තොරතුරු - CIA
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

