රෝග සඳහා තිබූ පිළිකුල් සහගත ප්‍රතිකාර ක්‍රම 7ක්
- 21 11 2017
- 11:16
- {{hitsCtrl.values.hits}} views
- සුපුන් සම්පත්
ලෝකයේ බොහෝ ප්‍රතිකාර ක්‍රම පැවැතියද, ඇතැම් ප්‍රතිකාර ක්‍රම ඉතා පිළිකුල් සහගතය. අප්‍රියජනක මෙම ප්‍රතිකාර ක්‍රම බොහොමයක් අද වනවිට දක්නට නොමැත. මේ සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රමවලින් බැහැර වී ඇති එවැනි ප්‍රතිකාර ක්‍රම 07කි.
01. 'ඇදුම රෝගය' සුවවීම සඳහා පණ සහිත මසුන් ගිලීමට සැලැස්වීම ඉන්දියාවේ සිදුකරයි. බොහෝ වෛද්‍යවරුන් පවසන පරිදි මෙහි කිසිදු විද්‍යානුකූල බවක් නොමැති අතර, බොහෝ රෝගීන් විවිධ අපහසුතා ඇති වීම හේතුවෙන් මියගොස් තිබෙන අවස්ථාද වාර්තා වෙයි.
02. ගෙම්බන් යොදාගෙන සකස්කර ගන්නා ඖෂධීය බවට සැලකෙන පානයක් පේරු රාජ්‍යයේ බොහෝ සේ ජනප්‍රිය. රෝග ගණනාවක් සුව වනු ඇතැයි බලාපොරොත්තුවෙන් පානය කරන මෙහි කිසිදු සත්‍යතාවක් නොමැති අතර, හුදෙක්ම විශ්වාසය මත පදනම් වූ ප්‍රතිකාර ක්රමවේදයකි.
03. රුධිරය වැගිරීම මගින් ශරීරයේ පවතින දුර්ලභ ලෙඩරෝග සුව වනු ඇතැයි විශ්වාස කෙරේ. මීට වසර 3,000කට පමණ පෙර මෙය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සිදුකර තිබූ අතර, අද වනවිට මෙම ප්‍රතිකාර ක්‍රමය දක්නට නොලැබේ.
04. 'යූරීන් තෙරපි' (Urine Therapy) ලෙස හඳුන්වන මෙම ක්‍රමයේදී පිළිකා මර්දනය, බිඳුණු අස්ථි සඳහා හා හිසකෙස් වර්ධනය වැනි තත්ත්ව සඳහා මුත්‍රා පානය කිරීම සිදුකරයි. කිසිදු විද්‍යානුකූල පදනමක් නොමැති මෙම ක්රමවේදයද දැඩි ලෙස අප්‍රිය සහගත ක්‍රමයක් ලෙස බොහෝදෙනෙක් හඳුන්වති.
05. වර්තමානයේදී තුවාලයක් ඇති වූ ස්ථානයක් මැසීමේදී විවිධ ක්‍රම භාවිත කරයි. නමුත් අතීතයේදී ඉන්දියාවේ හා දකුණු අප්‍රිකානු රටවල මේ සඳහා කුහුඹුවන් යොදාගෙන ඇති බව වාර්තා වෙයි. කුහුඹුවන් සපාකෑමට ලක් කිරීමෙන් සිදුකරනු ලබන මෙම ප්‍රතිකාරය වේදනාකාරී ක්‍රමයක් ලෙස සැලකේ.
06. විවිධ ලෙඩ රෝග රැසකට විසඳුමක් ලෙස කූඩැල්ලන් යොදා ගනිමින් සිදුකරන ප්‍රතිකාර ක්‍රමවේදය Leech Therapy ලෙස හඳුන්වයි. අතීතයේදී ඊජිප්තුවේදී ජනප්‍රිය ක්‍රමවේදයක් ලෙස සැලකෙන මෙය කූඩැල්ලන් රුධිරය උරාබීම මගින් රෝග සුවපත් වනු ඇතැයි සැලකේ.
07. මසුන් පිරි ටැංකියක් තුළ දෙපා බහා සිටීමෙන් එහි සිටින මසුන් කෙටීම මගින් සමේ ඇති වන රෝගාබාධ සුවකිරීමේ ක්‍රමයක් වර්තමානයේද භාවිත කෙරේ. නමුත් ඇතැම් වෛද්‍යවරු පවසන්නේ මෙම ක්රමයේද සත්‍යතාවක් නොමැති බවයි. ඇතැම් පුද්ගලයන්ට මෙය පිළිකුල්සහගත ප්‍රතිකාර ක්රමයකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.








