යුනිසෙෆ් සංවිධානය පිළිබඳ කරුණු 7ක්
- 15 03 2018
- 10:05
- {{hitsCtrl.values.hits}} views
- ඉන්ද්‍රමූර්ති ජයසූරිය
01. එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ළමා අරමුදල ලෙස හඳුන්වන, යුනිසෙෆ් සංවිධානය වර්ෂ 1946 දෙසැම්බර් මස 11දා පිහිටුවා තිබේ. එහි ප්‍රධාන කාර්යාලය ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ පිහිටුවා තිබේ.
02. යුනිසෙෆ් සංවිධානයේ ප්‍රධාන අරමුණ වූයේ දෙවන ලෝක යුද්ධයේදී පීඩාවට පත් වූ දරුවන්ට පිහිටවීම සඳහා විශේෂ අරමුදලක් පිහිටුවීමයි. ඉන් ප්‍රමුඛස්ථානය හිමිවන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල ළමුන්ගේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියා කිරීමයි.
03. වර්තමානය වන විට ලෝකයේ රටවල් 190ක මෙය ක්‍රියාත්මක වන අතර විශේෂයෙන් යුද්ධ පවතින රටවල දරුවන්ගේ සුබසිද්ධිය පිණිස මොවුහු කටයුතු කරති. වයස අවුරුදු 05ට අඩු ළමයින්ට සෑදෙන රෝග මැඬලීම සඳහාද වැඩි අවධානයක් මොවුන් යොමු කරයි.
04. නිව්මෝනියාව, පාචනය, ක්ෂය රෝගය, සරම්ප, කක්කල් කැස්ස, පෝලියෝ ආදී රෝගවලින් දරුවන් බේරා ගැනීම වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානය විශාල උත්සාහයක් දරන අතර, ඒ සඳහා විශාල මුදලක් ඔවුන් වෙන් කරයි.
05. 1989දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ළමා අයිතිවාසිකම් පිළිබඳ වූ ප්රඥප්තිය පිළිගැන්වීමෙන් පසුව යුනිසෙෆ් සංවිධානය විසින් පළමු වරට වර්ෂ 1990 සැප්තැම්බර් මාසයේදී ළමයි සඳහා ලෝක සමුළුවක් පවත්වා තිබේ.
06. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්රඥප්තියට අනුව, ළමා අයිතිවාසිම් පිළිබඳව කාර්යයන් තවත් ව්‍යාප්ත කරමින් අධ්‍යාපනය නොලබන දරුවන්ට අධ්‍යාපනය ලබාදීම, යුද්ධය හෝ මෙහෙකාර සේවයට දරුවන් පත්වීම වළක්වා ගැනීම සහ එම දරුවන්ට ආරක්ෂාව ලබාදීම, වද හිංසාවලට භාජනය වූ දරුවන්ට ආරක්ෂාව සැපයීම වැනි ළමා සුබසාධන කටයුතු සඳහා සේවාවන් ඉටු කිරීමට මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමට යුනිසෙෆ් සංවිධාන පෙළඹිණි.
07. යුනිසෙෆ් සංවිධානයේ පනස්වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකාවද 1996 වසරේදී මුද්දරයක් නිකුත් කළේය. තවද, ලොව දරුවන් සඳහා සිදුකරන මෙහෙවර වෙනුවෙන් වර්ෂ 1965 ඔක්තෝබර් මාසයේදී යුනිසෙෆ් සංවිධානයට නොබෙල් ත්‍යාගය හිමිවී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

