01. මහ බද්ද
සලාගම කුලයේ ජනතාව අතර පැතිරී තිබූ කුරුඳු වෙළෙඳාම, පෘතුගීසීන් ලංකාවට පැමිණි පසු ඔවුන් අතට පත්වූ අතර, රජය වෙත වැඩි වශයෙන් කුරුඳු ලබාගැනීමෙන් අරමුණින් බද්දක් පැනවිණි. මෙය මහ බද්ද ලෙස හැඳින්වෙන අතර, මුදලින් හෝ කුරුඳුවලින් ගෙවිය යුතුවිය.
02. ඇඟ බද්ද
පිරිමි දරුවෙකු වැඩිහිටි පුරුෂයෙකු බවට පත්වූ විට මෙම බද්ද ගෙවීමට සිදුවිය. 1848දී ආරම්භ වූ මාතලේ කැරැල්ලට මෙය ප්රබල හේතුවක් විය.
03. මරාල බද්ද
මිනිසෙකු මරණයට පත්වූ පසු ඔහු ජීවත්ව සිටි කාලයේ භාවිත කළ දේපොළ හා ඉතුරුම්වල ප්රතිශතයක් බද්දක් ලෙස ගෙවීමට සිදුවිය. මෙය මැරුණු පසු ගෙවන බද්ද හෙවත් මරාල බද්ද ලෙස හැඳින්විණි.
04. තුවක්කු බද්ද
රට තුළ කැරලි ඇතිවී තර්ජනයක් වීම වළක්වා ගැනීමේ අරමුණින් තුවක්කු බද්ද පැනවිණි.
05. ඉස්තෝප්පු බද්ද
ගෙහිමියා නිවසට ඉස්තෝප්පුවක් එකතු කර ඇත්නම් ඒ සඳහා රජයට බද්දක් ගෙවිය යුතු වූ අතර, බදු නොගෙවා අනවසරයෙන් ඉදිකළ ඉස්තෝප්පු කඩා දැමීමටද කටයුතු කෙරිණි.
06. පොල් බද්ද
නිවස පිහිටා ඇති ඉඩමේ පොල් ගසක් හෝ ඊට වැඩි ගණනක් ඇත්නම් ඒ සඳහා බද්දක් ගෙවීමට සිදුවිය. මෙය මුදලින් පමණක් ගෙවීමට නියම වූ අතර, එක් ගසකට රිදී 06ක බද්දක් පැනවිණි.
07. බලු බද්ද
නිවසේ සුරතලයට සුනඛයෙකු ඇති කරන්නේ නම් ඌ වෙනුවෙන් බද්දක් අයකර ගත් අතර, බදු නොගෙවා ඇතිකරන බල්ලන් දියේ ගිල්වා මරා දැමිණි.
ඉන්දික මධුසංක