මළ මුහුදේ විස්මිත තොරතුරු 07ක්
- 8 05 2018
- 10:04
- {{hitsCtrl.values.hits}} views
- ඉන්ද්‍රමූර්ති ජයසූරිය
01 ජෝර්දානයත් ඊශ්රාලයත් අතර මළ මුහුද පිහිටයි. මෙහි නොගිලී ජලය මත සිටිය හැකි අතර කිමිදීමටද නොහැකිය. ඊට හේතුව වන්නේ එම ජලයෙහි ඇති අධික ලවණ සාන්ද්රණතාවයි.
02 මළ මුහුදෙහි ලවණතාව සාමාන්‍ය මුහුදු ජලයෙහි මෙන් අට ගුණයකි. ඊට ප්‍රධාන කාරණා දෙකකි. මළ මුහුද වෙනත් සාගර හෝ මුහුදු සමගින් සම්බන්ධ නොවීම සහ නුබියන්, සිරියන් වැනි විශාල කාන්තාරවලට මැදිව පිහිටීම නිසා අධික වාෂ්පීකරණයකින් යුක්තවීමයි.
03 මෙහි ඇති අධික ලවණ සාන්ද්‍රතාව හේතුවෙන් සාමාන්‍ය මුහුදක ජීවත්වන මත්ස්‍යයන් නොමැත. අධික ලවණතාවට ඔරොත්තු දෙන දම් පැහැති ජීවීන් විශේෂයක් පමණක් ජීවත්වන බව සාගර විද්‍යාඥයෝ පවසති.
04 ඊශ්‍රායලයත් ජෝර්දානයත් මෙම ලුණු උපයෝගී කරගනිමින් ඖෂධ වර්ග, විවිධ රසායනික ද්‍රව්‍ය, තීන්ත වර්ග සහ රසායනික පොහොර නිෂ්පාදනය කරයි. පොටෑෂ්, බ්‍රෝමයිට් මැග්නීසියම් වැනි ඛනිජ වර්ගද මෙම ලුණුවල අන්තර්ගතව ඇති හෙයින් එය එම රටවලට හොඳ ආදායම් මාර්ගයක්ද වෙයි.
05 මළ මුහුද මුහුදු මට්ටමින් පහළ ස්ථනයක පිහිටා ඇත. මෙහි ජල මට්ටම මීටර් 420ක් මුහුදු මට්ටමට පහතින් තිබෙන අතර, ගොඩබිමේ සිට පහළට යත්ම අධික ලෙස උෂ්ණත්වයද වැඩි වේ. මෙම විශේෂිත පිහිටීමට හේතුවී ඇත්තේ පෘථිවිය නිර්මාණය වීමේදී ඇතිවූ ගිලාබැසීමක් සිදුවීමෙන් ඇතිවූ නිම්නයක් හේතුවෙනි.
06 මළ මුහුදෙහි ඇති කරදිය මිදී සෑදී ඇති රෝස සහ සුදු පැහැයට හුරු විශාල ලුණු කඳු සහ ටැම් මළ මුහුදේ සුන්දරත්වය වැඩි කරයි. අධික ලෙස වාෂ්පීකරණය හේතුවෙන් මෙසේ ලුණු කඳු නිර්මාණය වේ.
07 මළ මුහුද හේතුවෙන් මෙම රටවල සංචාරක කර්මාන්තයට විශාල ආර්ථික වාසි හිමිවී ඇත. වසරක් පාසා විශාල සංචාරකයන් සංඛ්‍යාවක් මෙම ප්‍රදේශයට පැමිණෙන අතර මළ මුහුදෙහි නෑමටද ප්‍රිය කරති. මෙම ජලයෙහි බැස නෑම තුළින් සමේ රෝග, ශ්වසන රෝග, වාතරෝග, සෙම් රෝග ආදී මෙන්ම විවිධ හන්දිපත් රෝග සුවවීමේ බලයක් ඇති බව මතයක් පවතියි. එමෙන්ම ලවණ මිශ්‍ර මඩෙහි බැස සිටීෙමන්ද විවිධ රෝග සුව වන බව මතයක් ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.





