මළ මුහුද පිළිබඳව වැදගත් කරුණු 07ක්
01)
ගෙනහිර ජෝර්දානයට මායිම්ව හා බටහිරින් ඊශ්‍රායලයට මායිම්ව පිහිටා තිබෙන මළ මුහුද, ලුණු මුහුද ලෙසද හැඳින්වේ. එය පෘථිවියේ ඇති අද්විතීය ස්ථානවලින් එකක් ලෙස හැඳින්විය හැක.
ffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffff
02) මෙහි ගැඹුර අඩි 1237 (මීටර් 337ක්) පමණ වන අතර, මෙය අධික ලවණතාවකින්ද සමන්විත වේ. මෙහි සෝඩියම් ක්ලෝරයිඩ් හා වෙනත් ඛනිජ ලවණද සැලකිය යුතු සාන්ද්‍රණයක් අඩංගු බවට සොයාගෙන තිබේ.
ffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffff
03)
මෙහි පළලින් වැඩිම තැන කිලෝමීටර් 18ක් හා දිගින් වැඩිම තැන කිලෝමීටර් 67ක් වේ. එය ජෝර්දාන් Rift නිම්නය තුළ පවතී. මළ මුහුදේ ප්‍රධාන අතු ගංඟාව වන්නේ ජෝර්දාන් නදියයි.
ffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffffff
04) මළ මුහුදේ අසාමාන්‍ය ඉහළ ලුණු සාන්ද්‍රණය හේතුවෙන් මිනිසුන්ට එහි පහසුවෙන් පාවිය හැකිය. අනෙක්
සාගරවලට වඩා දළ වශයෙන් 8.6 ගුණයක් ලවණතාෙවන් වැඩිය. මෙය එක්සත් ජනපදයේ ඌටා හී Great Salt Lakeට සමාන වේ.
05)
ලෝකයේ ලවණතාෙවන් වැඩිම මුහුද ලෙස මෙය හඳුන්වයි. ඒ මෙහි මුහුදු ජලය සමග 33.7% ලවණ මිශ්‍ර වී තිබීම හේතුවෙනි. මෙහි ඇති අධික ලවණ සාන්ද්‍රණය නිසාවෙන් බැක්ටීරියා වර්ගවලට හැර එහි කිසිදු ජීවියෙකුට හෝ පැළෑටියකට ජීවත් වීමට හැකියාවක් නොපවතී. 'මළ මුහුද' ලෙස නම් වීමටද හේතු වී ඇත්තේ එම කාරණාවය.
06) ඖෂදීය ගුණය අතින් ගත්විට මළ මුහුදට දිගු ඉතිහාසයක් තිබේ. මෙහි ඇති මඩවල සුවපත් කිරීමේ සුවිශේෂී
ගුණයක් ඇතැයි සැලකේ. එබැවින් ඇරිස්ටෝටල්, සලමොන් රජු හා ක්ලියෝපැට්රා රැජින පවා අතීතයේ තම නිරෝගී භාවය රැක ගැනීමට මළ මුහුදේ ජලය සහ මඩ භාවිත කළ බවට සඳහන් වේ.
07) මළ මුහුදේ වත්මන් අනුපාතය පහත වැටීම දිගටම සිදු වුවොත් එය වසර 2050 වනවිට අතුරුදහන් වනු ඇති බවට ජෝර්දානයේ පරිසරවේදීන් අනතුරු අඟවා තිබේ.
සටහන - දිනිත් කණිෂ්ක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

