ඩෙංගු රෝගය පිළිබඳ ඔබ දැනගත යුතු කරුණු 7ක්
- 8 02 2017
- 13:18
- {{hitsCtrl.values.hits}} views
- . .
01 ඩෙංගු ඇතිවන්නේ වෛරසයකිනි. ඩෙංගු වෛරසය ශරීරගත වූ අයෙකු බොහෝ විට රෝග ලක්ෂණ නොපෙන්වන්නට පුළුවන.
02 රෝග ලක්ෂණ පෙන්වන්නට පටන් ගතහොත් සාමාන්‍ය උණ, ඩෙංගු උණ, ඩෙංගු රක්තපාත අසාමාන්‍ය ඩෙංගු උණ තත්ත්වය (කලාතුරකින්) මතුවෙයි.
03 ඊඩ්ස් වර්ගයේ ගැහැනු මදුරුවා ඩෙංගු වෛරසය ඇති අයෙකුට දෂ්ටකර නිරෝගී පුද්ගලයෙකුට දෂ්ට කිරීමෙන් ඩෙංගු වෛරසය නිරෝගී අයෙකුට ඇතුළු වෙයි.
04 ආසාදිත ඩෙංගු මදුරුවෙකුගේ දෂ්ට කිරීමකට ලක්වෙන ඕනෑම අයෙකුට ඩෙංගු වැලඳීමේ අවදානමක් ඇති අතර, පුද්ගලයාගේ වයස ප්‍රතිශක්තිය අනුව රෝගී ස්වභාවය වෙනස් වෙයි.
05 ඩෙංගු අවදානම් තත්ත්වය මුල් අවදියේදී හඳුනා ගැනීම ඉතා අපහසුය, දින දෙකකට වඩා උණ පවතින්නේ නම් වහාම වෛද්‍යවරයා වෙත යා යුතුය.
06 උණ සඳහා පැරසිටමෝල් වර්ගයේ ඖෂධ පමණක් ලබාගත යුතුය. ස්ටිරොයිච කාණ්ඩයේ ඖෂධ භාවිතයෙන් රුධිර වහනය වීමේ තත්ත්වය උග්‍රවිය හැකිය.
07 ඩෙංගු ප්‍රභේද 04ක් පවතින බැවින් වරක් ඩෙංගු එක් ප්‍ර‘භේදයකට ගොදුරු වූ විට, ඒ සඳහා ප්‍රතිශක්තිය ඇතිවන්නේ එම ප්‍ර‘භේදයට පමණි. අනෙක් ප්‍ර‘භේද තුනෙන් එම පුද්ගලයාට නැවත ඩෙංගු අසාදිත විය හැකිය. එසේ නැවත වරක් සෑදුණු විට ඩෙංගු රක්තපාත තත්ත්වයට වැඩි අවදානමක් පවතී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

