ඩෙංගු උවදුර මඬීමට පහසුම ක්‍රම හතක්
01) පරිසරය පිරිසිදුව තබාගන්න
ඔබේ ගෙවත්ත මෙන්ම ඔබේ අවට පරිසරයත් අසල්වාසීන් සමග එක්ව පිරිසිදු කරන්න.
දින දෙක තුනකට වරක් යම් කාලයක් ඒ වෙනුවෙන් මිඩංගු කිරීමෙන් ඔබට පරිසරය පිරිසුදුකිරීමේදී දැනෙන තෙහෙට්ටුව වැනි අපහසුතාද වියැකී නිරෝගී සිරුරකටද උරුමකම කිව හැක.
02) ජලය රැඳීම වලක්වන්න
ඔබටත් නොදැනී ජලය රැඳිය හැකි නාන කාමර තුළ වතුර එකතු වන ගොණු, මල් පෝච්චි, ප්ලාස්ටික් කැබලි, රඹුටන් ලෙලි ඉවත් කරන්න.
03) මදුරු විකර්ෂක ආලේප කරන්න
සෑම විටම මදුරුවන් විකර්ෂණය කරන කුරුඳු තෙල් හෝ පැඟිරි තෙල් මෙන්ම වෙළඳපොලේ හඳුන්වාදී ඇති ද්‍රවණයන් සිරුරේ ආලේප කරගෙන සිටින්න.
04) නින්දට පළමුව
රාත්‍රී නින්දට පළමුව මදුරු දැළක් එලාගැනීම සිදු කරන්න. එසේම එම මදුරු දැළ තුළටද මදුරුවන් අතුළු නොවූ බව තහවුරු කරගන්න.
නින්දේදී ඔබේ අත්පා ස්පර්ෂ විය හැකි මදුරු දැෙළ් යටි දාරය වටා රෙදි කඩකින් ආවරණය කර මසාගන්න.
05) සුවඳවත් නිවසක්
නිවස තුළ පැඟිරි සුවඳැති හඳුන්කූරු භාවිතා කිරීම මෙන්ම දුම් ඇල්ලීම මගින් මදුරුවන් විකර්ෂණය කළ හැක.
වෙළඳ පොළේ ඇති කෘතීම මදුරු විකර්ෂකයන්ට මදුරුවන් බොහෝ කාලයක් තිස්සේ අනුගතව තිබිය හැකි නිසා වඩා ස්වාභාවික මදුරුතලා කොළ, පැඟිරි වැනි දෑ භාවිතා කරන්න.
06) රෝගියා ආරක්ෂා කරන්න
ඔබේ නිවසේ ඩෙංගු වැලඳුනු රෝගියෙකු සිටීයිනම් කිසිදු මදුරුවකුට අදාළ පුද්ගලයාට දස්ට කිරීමට ඉඩ අහුරවන්න. එය ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වැට බඳිනු ඇත.
07) අවධානයෙන් සිටින්න
ඔබට හෝ හිතවතෙකු තුළ ඩෙංගු රෝගයේ මූලික ලක්ෂණ ඇතිදැයි සැලකිල්ලෙන් සිටින්න. උණ, සම මත රතු බිබිළි දැමීම, කෑම අරුචිය සහ හන්දිපත් වේදනාව වැනි දෑ ඇත්නම් කරුණාකර වෛද්‍යවරයෙකු හමුවන්න.
සාමාන්‍ය පුද්ගලයෙකු නම් දින තුනක් ඇතුළතත්, ගැබිනි මවුන් සහ වයෝවෘද්ධයන් දින දෙකක් ඇතුළතත්, ළදරුවන් දිනක් ඇතුළතත් වෛද්‍ය උපදෙස් මත රුධිර පරීක්ෂාව සිදුකරන්න.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

