ඩී.එන්.ඒ. පිළිබඳ කරුණු 7ක්
- 9 11 2017
- 09:49
- {{hitsCtrl.values.hits}} views
- ඉන්ද්‍රමූර්ති ජයසූරිය
01. කිසියම් ජීවියෙකුගේ ජාන යනු ඩී.එන්.ඒ. (ඩියොක්සිරයි බොනියුක්ලික් ඇසිඩ්) (Deoxyri-bonucleic acid) නම් වූ අනුවක කොටසකි. ජාන එක්වීමෙන් ඩී.එන්.ඒ. අණුවක් සෑදෙයි.
02. 1984 දී බ්‍රිතාන්‍ය ජාන විද්‍යාඥයකු වන ඇලෙක් ජෙෆ්රීස් විසින් ඩී.එන්.ඒ පිළිබඳව සොයා ගන්නා ලදී.
03. මවගෙන්, පියාගෙන් ලැබෙන ජාන සංයුතියේ උරුමක්කාරයන් වන්නේ දූ දරුවන්ය. ඒ අනුව මවුපියන්ගේ සිට ලේ ඥාතීන්ගේ හෝ ඩී.එන්.ඒ. පරීක්ෂාවකින් ඥාතීත්වය සොයා ගැනීමට හැකිය.
04. ඩී.එන්.ඒ. පරීක්ෂාව සඳහා පුද්ගලයෙකුගේ ශරීරයේ ඕනෑම සියුම් කෙටසක් වුවද ප්රමාණවත්ය. හිසකෙස්, ශ්‍රක්‍ර තරලය, දහදිය, ඛේටය, සම, වැනි දෑ ඊට ඇතුළත්ය. ජීවී මෙන්ම අජීවී අයෙකුගේ ශරීර කොටස්වලින්ද ඩී.එන්.ඒ. රටාව පරීක්ෂා කිරීමෙන් අනන්‍යතාව තහවුරු කරගත හැකිය.
05. පරික්ෂාව සඳහා ලබාගන්නා දෑ වලින් සූක්ෂම ලෙස ඩී.එන්.ඒ. කැබැලි වෙන්කොට ඊටම සුවිශේෂී වූ තාක්ෂණයන් අධාරයෙන් ඩී.එන්.ඒ. රටාව පියවි ඇසට පෙනෙන ආකාරයට මතුකරගනියි. වර්ෂ 1989 පමණ දක්වා එය සිදුකරණු ලැබුවේ එක්ස් කිරණ පටයකට ලබාගැනීමෙනි.
06. ඩී.එන්.ඒ. මගින් දක්ෂතා දක්වන වෘත්තීන්, බුද්ධි මට්ටම, කෙනකුගේ අනාගතය, වැලඳිය හැකි ලෙඩරෝග (පිළිකාආදී) කරුණු රැසක් සොයගත හැකිබව බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ඔප්පුකර තිබේ. මේ පිළිබඳ විද්‍යාඥයන් විග්රහ කරණු ලබන්නේ පුද්ගලයකුගේ ජීවිතයෙන් 75%ක ප්‍රමාණයක් එසේ පුරෝකථනය කළ හැකි වුවත් ඉතිරි 25෴ක ප්‍රමාණය පරිසර සාධක මත සිදුකළ යුතු බවයි.
07. බටහිර රටවල ඩී.එන්.ඒ. පරීක්ෂාව පහසුවෙන් කළ හැකි නමුත් අපේ රටේ මෙය සිදුකෙරෙන්නේ උසාවි නියෝගයකින් හෝ ස්වකැමත්තෙන් ඉදිරිපත් වුවහොත් පමණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


