කොරල්පර ගැන කරුණු 07ක්
- 8 11 2017
- 09:39
- {{hitsCtrl.values.hits}} views
- . .
01. මුහුදු ජලයේ ඇති කැල්සියම් ලවණ ජීර්ණ කිරීමෙන් 'පොලිප් ජීවියා' හෙවත් 'බහුබාවා' විසින් කොරල් සැකිලි සාදාගනු ලැබේ. එම සැකිලි 'හුණුගල්' හෙවත් 'කොරල් ' ලෙස හැඳින්වේ.
02. මුහුදු සුළං හා උදම් තරංග ආදියේ වේගයන් වෙනස් කිරීමට කොරල්පරවලට හැකිය. එසේම වෙරළ ඛාදනය වැළැක්වීමට මේවා උපකාරී වෙයි.
03. ලංකාව වටා ඉතා සුන්දර වෙරළ තීරයක් පවතී. එම වෙරළ තීරය ආරක්ෂා කීරීමට කොරල්පර මගින් විශාල දායකත්වයක් ලබාදෙයි. නමුත් මිනිස් ක්රියාකාරකම් හේතුවෙන් කොරල්පර විනාශ වෙමින් පවතී.
04. කොරල් විශේෂයක් වන හුණුගල් මගින් අළුහුණු නිපදවයි. නමුත් අළුහුණු නිපදවීමට මේවා කැඩීමෙන් දූපත් වටා ආරක්ෂිත බැම්මක් බඳු වූ කොරල්පර විනාශ වී යයි.
05. දැනට ලොව ඇති විශාලතම කොරල්පර පිහිටා ඇත්තේ ඔස්ට්රේලියාවේය. එය හැඳින්වෙන්නේ 'මහා බාධක පරය ලෙසිනි.
06. ආලෝකය, ජලයේ උෂ්ණත්වය, ආහාර ලැබෙන ප්රමාණය හා බුහුබාවන්ගේ වර්ධනය අනුවද කොරල්වල හැඩය හා ප්රමාණය වෙනස් විය හැකිය.
07. 'මෘදු කොරල්', 'නිල් කොරල්' හා 'කොරොස් කොරොල්' ලෙස සැලකෙන කොරල් විශේෂයන්ද ඇත. ඉතා පැරණි ඉතිහාසයක් ඇති ගල් කොරල් විශේෂ 1,000ක් හා කොරොස් කොරල් විශේෂ 1200ක් ලෝකය පුරා පවති.
- සහන් රසාංග
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

