ඒබ්‍රහම් ලින්කන් පිළිබඳ අප්‍රකට කරුණු 7ක්
- 1 03 2018
- 16:24
- {{hitsCtrl.values.hits}} views
- නඳුන් ශ්‍යාමාල්
01. ඒබ්‍රහම් ලින්කන් ඇමරිකා එක්සත් ජනපදයේ 16 වැනි ජනාධිපතිවරයා විය. දැඩි මානවහිතවාදියෙකු වූ ඔහු ඇමරිකාවේ වහලුන් ලෙස සැලකූ කළු ජාතිකයන් හට නිදහස ලබාදීමටද කටයුතු කෙළ්ය. ඒ නිසාම ඔහුට සුදු ජාතික වහල් හිමියන් දැඩිසේ වෛර කරන්නට විය.
02. 1809 වසරේ පෙබරවාරි මස 12 වැනිදා උපත ලැබූ ලින්කන් 1860 වසරේදී රිපබ්ලිකන් පක්ෂයෙන් තරඟකරමින් ජනාධිපති ධූරයට පත්විය. 1865 අප්‍රේල් මස 25 වැනිදා සාහසිකයෙකුගේ වෙඩි පහරකින් මියයන විට ඔහු 56 වැනි වියේ පසුවිය. එක්සත් ජනපද ඉතිහාසය තුළ ඝාතනයට ලක්වූ ප්‍රථම ජනාධිපතිවරයාද ලින්කන්ය.
03. ලින්කන් බයිබලය නිරන්තරයෙන් පරිහරණය කළ කිතුණුවෙක් වුවද ඔහු කිසිදු දිනක පල්ලියකට ගියේ නැත.
04. ඒබ්‍රහම් ලින්කන් නව නිපැයුම්කරුවෙක් විය. ඔහුට ගංගාවල ගමන් කරන බෝට්ටු සඳහා ජීවිතාරක්ෂක උපාංගයක් නිපදවීම වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය හිමිවුණි.
05. ඔහු මිය යන තෙක්ම විෂාදය නැමැති රෝගී තත්ත්වයෙන් පීඩා වින්දේය.
ලින්කන්ගේ බිරිඳ වූ 'මාරි ටොඩ් ලින්කන්' සැරපරුෂ කාන්තාවක් විය. කෙතරම් සැරපරුෂද කිවහොත් වරක් උත්සව අවස්ථාවකදී ප්‍රසිද්ධියේම ඇය ලින්කන්ට තේ කෝප්පයෙන් දමාගසා ඇත.
06. ලින්කන් සිය වැදගත් ලිපිලේඛන ආදිය නිරන්තරයෙන්ම තබාගෙන සිටියේ සිය හිස්වැසුම තුළය.
07. ඒබ්‍රහම් ලින්කන් නීති විෂයය කිසිදු උපාධියක් නොමැතිවම ප්‍රගුණ කර සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


