අමරදේවට ගී ලියූ ගී පද රචකයෝ 7 දෙනෙක්
- 30 01 2017
- 12:31
- {{hitsCtrl.values.hits}} views
- ඉඳුනිල් සින්දු
01 මහගම සේකර
අමරදේවයන් ඉහළටම ඔසවා තැබූ අසහාය ගී පද රචකයා වනුයේ මහගම සේකරයන්ය. ඔහු ශ්‍රී ලංකාවෙන් බිහිවුණු අග්‍රගණ්‍ය කලාකරුවෙකු වශයෙන් සැලකේ. ඔහු කවියෙකු, ගීත රචකයෙකු, නවකතාකරුවෙකු, කෙටිකතාකරුවෙකු, නාට්‍ය රචකයෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සුපතළ විය. අමරදේවයන්ට ලියූ ගී ලෙස ජනතාවෝ අපි ජනතාවෝ, රතන්දීප ජන්මභූමි, මා මළ පසු සොහොන් කොතේ ,සන්නාලියනේ, පිලේ පැදුර යන ගීත ඒවා අතරින් කිහිපයක් ලෙස දැක්විය හැකිය.
02 ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
1913 ජුනි 19 වැනිදා රුහුණු ගිරුවා දනව්වෙහි පුවක්දණ්ඩාවේදී මානවසිංහ මහතා උපත ලැබූ මානවසිංහ 1947 වර්ෂයේදී 'ලංකාදීප' කර්තෘ මණ්ඩලයට බැඳී 1960 දක්වා එහි සේවය කළේය. එමෙන්ම පුවත්පත් තීරු ලිපි රචනයට හා පද්‍ය රචනයට මෙන්ම ගීත රචනයටද උත්සුක විය. 1955 වර්ෂයේදී ප්‍රථම සිංහල ගුවන්විදුලි නාටකය වූ 'මනෝහාරී' රචනා කළ අතර 1957 දී 'කෝමළ රේඛා' නමින් ගීත සංග්‍රහයක්ද පළ කළේය . ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා 1964 ඔක්තෝබර් 4 වැනිදා කොළඹදී අභාවප්‍රාප්ත වනවිට ඔහු අමරදේවයන්ට ලියූ ගීත ලෙස ඔබේ නමින් සෑය බඳිමි, පාරමිතා බල පූරිත පූජිත, වැලිතල අතරේ, ජගන් මෝහිනී යන ගීත දැක්විය හැක.
03 ඩෝල්ටන් අල්විස්
"මගේ නැන්දම්මට ගුවන් විදුලියෙ ප්‍රචාරය වෙන පිරිත් සජ්ඣායනය අහගෙන නින්දට යන පුරුද්දක් තිබුණා. මමත් එදා නින්දට ගියෙ ඒ පිරිත් හඬට කන්දෙමින්. නින්දට වැටුණම මම අපූරු හීනයක් දැක්ක. මම හීනෙං අටමස්ථානෙ වන්දනාවෙ යනව. මහ පාන්දර මම නැගිට්ට. මම ඉක්මනටම කොළයකුයි පෑනකුයි අරගෙන ලියන්න පටන්ගත්ත. බිරිඳටවත් උත්තර දෙන්න ඉස්පාසුවක් තිබුණෙ නෑ. මගේ අතින් එක හුස්මට ගීතය ලියවුණා. ඒ තමයි සසර වසන තුරු ගීතය”
04 සුනිල් සරත් පෙරේරා
කරුණාරත්න අබේසේකර මෙහෙයවූ ළමා මණ්ඩපෙයන් කලා ක්ෂේත්රයට එක් වන සුනිල් සරත් පෙෙර්රා මිණි කිංකිණි වැඩසටහනට පළමු ගීතය ලියුෙව්ය. අමරදේවයන් ගැයූ 'පෙර දිනයක මා පෙම්කළ යුවති' ගීතයට 1974/75 දී හොඳම ගුවන් විදුලි ගීතය සම්මානයද හිමි විය. එමෙන්ම අමරදේවයන්ට 'ඔබ මා සමග අතිනත ගන්නා දවස' ගීතයද රචනා කොට ඇත
05 මහාචාර්ය සුනිල් ආරියරත්න
කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්යවරයෙකු, යාපනය මණ්ඩපයේ සිංහල අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ සුනිල් ආරියරත්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම යන විට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළේය. එතුමා අමරදේවයන්ට තාත්තා වුණත් සහ මේ ගුරු පාරේ යන ගීත රචනා කළේය.
06 අජන්තා රණසිංහ
ලේක්හවුස් ආයතනයේ උපකර්තෘවරයෙකු ලෙසද ගුවන්විදුලි උපදේශකයකු ලෙසද කටයුතු කළ අජන්තා රණසිංහයන් අමරදේවයන්ට ලියූ ගීත වනුයේ මේ ගී එදා, දුරු රට මේ, බොල් වී අහුරු, විකසිත පෙම්, හන්තානේ යන ඒවායි.
07 කුලරත්න ආරියවංශ
විජය ධර්ම ශ්‍රී මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ආරාධනා' චිත්‍රපටිය වෙනුවෙන් ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීතයට ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගායනා කරන 'ආරාධනා' ගීතය මෙන්ම 'සඳ හොරෙන් හොරෙන් බලා', 'සඳ තරු නිහඬයි', පාවෙලා නිල් වලාවේ යන ගීත කුලරත්න ආරියවංශ අමරදේවයන් සඳහා රචනා කෙළ්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

