එංගලන්තයේ රෝහල්ගතව සිටින ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා යළිත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීමට ඉතා ඉක්මනින්ම දිවයිනට පැමිණෙන බව දන්වා තිබේ.
එංගලන්තයේ දෙදින නිල සංචාරයක නිරත ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා සහ ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය හමුවූ අවස්ථාවේදී ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර තිබේ.