H1N1රෝගය මේ වනවිට පාලනය වී තිබෙන බවත්, රෝගය පැතිර යාම වළක්වාගැනීම සඳහා රෝගීන් සෙනග ගැවසෙන තැන්වල ගැවසීමෙන් වැළකී සිටින ලෙසත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඉල්ලා සිටියි.
රෝගය වැලඳුණු පිරිස්වලට යම් අවස්ථාවක මහජනයා ගැවසෙන ස්ථානයකට යාම අවශ්‍ය නම් නාසය හා කට ආවරණය වන ආකාරයට රෙදි කැබල්ලක්හෝ ලේන්සුවක් භාවිතකරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
මීට අමතරව රෝගය වැලඳුණු පිරිස් අත්වලින් නාසය සහ ඇස් අල්ලා පොදු ස්ථාන ස්පර්ශ කිරීම හැකිතාක් අඩුකරන ලෙසද ඔහු සඳහන් කළේය.
මීට අමතරව ලෝකයේ සමහර රටවලද මෙම රෝගය පැතිර යන නිසා ජාත්‍යන්තර වෙසක් දිනය නිමිත්තෙන් මෙරටට පැමිණෙන බැතිමතුන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බවද හෙතෙමකියා සිටියේය.