සයිප්රස්හීදී සිය මිතුරකු එල්ල කළ තියුණු ආයුධ ප්රහාරයකින් ගලේවෙල වහකෝට්ටේ ප්රදේශයේ දෙදරු පියෙකු මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ ඇන්ටන් සමරකෝන්( 44) නමැති පුද්ගලයෙකි.
පසුගිය (23දා) සයිප්රස්හි පිහිටි ලිමසෝන් ප්රදේශයේ නිවසකදී මේ සිදුවීම සිදුව ඇතැයි මෙරට සිටින මියගිය තැනැත්තාගේ ඥාතීහු සඳහන් කර සිටියහ.
මෙම ප්රහාරය එල්ල කර ඇත්තේ මාතර ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඔහුගේ බිරිඳ හා එක්ව බව ඔවුහු පැවසූහ.
ප්රහාරය එල්ල කළ පුද්ගලයා පලාගොස් ඇති අතර, ඔහුගේ බිරිඳ එරට පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.