01. King Fahd International Airport
සෞදි අරාබියේ පිහිටි මෙම ගුවන්තොටුපොළ 1999දී විවෘත කෙරිණි. මෙය ලොව විශාලතම ගුවන් තොටුපොළ වේ. හෙක්ටයාර් 78,000ක භූමි ප්රමාණයක මෙම ගුවන්තොටුපොළ පැතිර පවතී. එහෙත් මෙහි පොදු මහජනතාව සඳහා විවෘතව ඇත්ෙත් හෙක්ටයාර් 3,675ක් පමණක් වන අතර ඉතිරි සියල්ල එරටේ රාජකීයයන් සඳහා පමණක් වෙන් වී ඇත.
02. Denver International Airport
දෙවනුවට ලොව විශාලතම හා උතුරු ඇමෙරිකාවේ විශාලතම ගුවන්තොටුපොළ මෙය වේ. මෙම ගුවන්තොටුපොළ 1989දී ආරම්භ කෙරිණි. හෙක්ටයාර් 13,726ක භූමි ප්රමාණයක මෙය පැතිර පවතී.
03. Dallas / Fort worth International airport
1974 දී ආරම්භ කළ මෙම ගුවන්තොටුපොළ ලොව තෙවැනි හා උතුරු ඇමෙරිකාවේ දෙවන තැනට විශාලතම ගුවන්තොටුපොළ වේ. හෙක්ටයාර් 7,800ක භූමි ප්ර‘දේශයක මෙම ගුවන්තොටුපොළ පැතිර පවතී.
04. Charles de Gaulle Airport
1966 දී මෙම ගුවන්තොටුෙපාළ ආරම්භ කෙරිණි. හෙක්ටයාර් 3,200ක පමණ භූමි ප්රමාණයක් හිමි මෙම ගුවන්තොටුපොළ පැරීසියේ පිහිටා ඇත.
05. Shanghai pudong International Airport
චීනයේ ෂැංහයිහි පිහිටි මෙම ගුවන්තොටුපොළ හෙක්ටයාර් 3,350 ක් පමණ වූ භූමි ප්රමාණයක පැතිර පවතී. මෙම ගුවන්තොටුපොළ 1997 දී ආරම්භ කර ඇත.
06. Madrid Barajas Airport
ස්පාඤ්ඤයේ පිහිටා ඇති මෙම ගුවන්තොටුපොළ 1928 දී ආරම්භ කළේය. හෙක්ටයාර් 30,50ක් පමණ භූමි ප්රමාණයක් මෙම ගුවන්තොටුෙපාළට අයත් වේ.
07. Beiging Capital International Airport
1958 දී මෙම ගුවන්තොටුපොළ ආරම්භ කෙරිණි. මෙය චීනයේ බීජිං නුවර පිහිටා ඇත. හෙක්ටයාර් 2,330ක පමණ භූමි ප්රමාණයක මෙම ගුවන්තොටුෙපාළ පැතිර පවතී.