රුපියල් දෙකෝටි විසි ලක්ෂයක් වටිනා රන් කැබැලි තුනක් ලේත් යන්ත්‍ර උපකරණ අච්චුවක් තුල සගවාගෙන චෙන්නායි බලා යාමට කටුනායකනට පැමිණි ශ්ර්රී ලාංකික රෙදි පිළි ව්‍යාපාරිකයෙකු ඊයේ (02) අළුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි තිස් තුන් හැවිරිදි පුද්ගලයෙකි. ඔහු නිතර නිතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර යාම් ඊම් කරන බව රේගුව කියයි. රන් කැබැලි තුනෙහි බර කිලෝ ග්‍රෑම් හතර හමාරකි.
එක්ස්රේ යන්ත්‍රයට අහු නොවන පරිදි රන් කැබලි කාබන් කොළ වලින් ඔතා තිබුනද එහි ඝනත්වයේ වෙනසක් සලකුණු වු බව රේගුව කියයි.එමෙන්ම මෙම යන්ත්‍ර උපකරණ කොටස මෙලෙස රන් ගෙනයාම සඳහාම සැකසු එකක් බවට රේගුව සැක කරයි.