ශ්‍රී ලංකාවේ ජීවත්වෙන මුස්ලිම් ජනයා වෙනුවෙන් වෙනමම ප්‍ර දේශයක් ඉල්ලා නොසිටි බවත් ඇතැම් අන්තවාදී කොටස් විසින් අසත්‍ය ප්‍රකාශ ප්‍රචාරය කරන බවත් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි. මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ සුමංගල හිමිපාණනන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත.
රජ කාලයේ පටන් සිංහල හා මුස්ලිම් ජනතාව සාමකාමීව සිටි බවත් අන්තවාදී පිරිසි මුස්ලිම් පිරිස් අතර පමණක් නොවන සිංහල හා දමිළ ජනතාව අතර සිටින බවත් ඔහු පවසයි.