මාසයක කාලයක් තුළ තවත් ඖෂධ වර්ග රැසක මිල අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. එහිදී මිල අධික ඖෂධ සහ පිළිකා ඖෂධවල මිල අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
දකුණු ආසියානු රටවල බෝනොවන රෝග පාලනය කිරීමේ ප්‍රථම සමුළුවට සමගාමීව කොළඹ ගාලුමුවදොර හෝටලයේ ඊයේ (31දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
“අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල අඩු කර තිබෙනවා. ඒ ආකාරයට තවත් ඖෂධ වර්ග රැසක මිල ඉදිරි මාසය තුළදී අඩු කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. පිළිකා ඖෂධ වැනි මිල අධික ඖෂධ ඊට ඇතුළත්. හෘද රෝගීන් සඳහා නොමිලේ ස්ටෙන්ස් ලබාදීම හේතුවෙන් අද වනවිට පොරොත්තු ලේඛනය ඉහළ ගොස් තිබෙනවා. පසුගිය කාලයේ කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් මසකට සිදු කළේ 50 - 60ත් අතර ප්‍රමාණයක්. නොමිලේ ස්ටෙන්ස් ලබාදීමත් සමග හෘද සැත්කම් 450 – 500ත් අතර සංඛ්‍යාවක් මාසයක් තුළ දී සිදු කරනවා.
තවද හෘද රෝගයක් ඇතිවීමට පෙර ලබාදෙන ටෙනෙක්ට්ටප්ලෙස් (Tenecteplase) නමැති ඖෂධය හේතුවෙන් ජනතාවට විශාල සහනයක් ලැබී තිබෙනවා. පසුගිය කාලයේ හෘද රෝගීන් 06කගෙන් 05 දෙනෙකු පමණ විවිධ හේතු මත මියගියා. නමුත් යහපාලන රජය හෘද රෝගීන්ට සහන සැලසීම තුළ අද වනවිට රෝගීන් 06කගෙන් 01 රෝගියෙකු පමණයි මියයන්නේ. රෝහල්වල රුධිර පරීක්ෂණ නොමිලේ සිදු කිරීමේ වැඩපිළිවෙළ තුළින් රුධිර පරික්ෂණ 61%කින් වැඩි වී තිබෙනවා" යනුවෙන්ද අමාත්‍යවරයා කියා සිටියේය.