නව ආණ්ඩුව පසුගිය වසරේදී ඉදිරිපත්කළ අතුරු අයවැය මගින් ඛනිජ තෙල් මිලපහත දැමූ බැවින් මේ මොහොතේදී ඛණිජතෙල් මිල පහත දැමීමක් සිදුකළ නොහැකි බව ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය සඳහන් කළාය.
ඉදිරියේදී රජය හඳුන්වාදීමට යන මිල සූත්‍රය සකස් කිරීමෙන් පසුව ලෝක වෙළෙඳපොළේ ඛනිජතෙල් මිල හැසිරෙන ආකාරයට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළද මිල වෙනස්කිරීමට හැකියාව ලැබෙන බවද නියෝජ්‍ය ඇමතිවරිය සඳහන් කළාය.
ලෝක වෙළෙඳපොළේ මේ මොහොතේ මිල පහත යෑමක් සිදුවුවද එයට සාපේක්ෂව මිල පහත දැමීමට ගියහොත්, ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ ගිය වකවානුවකදී මෙරට තුළ මිල ඉහළ දැමීමට සිදුවන බවද ගමගේ මහත්මිය සඳහන් කළාය.