මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ජයගැනීමට ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සමත් විය. ඒ තරගාවලියේ අවසන් මහා තරගයේදී තියුණු තරගයකින් අනතුරුව ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් තරග වට 3-2 ක් ලෙස පරාජය කරමිනි. මීට සුළු මොහොතකට පෙර පැවති අවසන් තරගයේ අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ (6-4,3-6,6-1,3-6 ක් හා 6-3 ක් ලෙසිනි.)
ෆෙඩරර් මේ සමගින් සිය ග්‍රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණ ප්‍රමාණය 18 දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වූ අතර ඔහු මීට පෙර අවසන් වරට ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවක් හිමි කර ගත්තේ 2012 වර්ෂයේදීය.
තරගාවලියේ මීට පෙර පැවති කාන්තා අංශයේ ජය ඇමෙරිකාවේ සෙරීනා විලියම්ස් හිමි කර ගත්තාය.