ඉන්දීය සාගරය ආශ්රිත වැඩකටයුතු පිළිබඳවත්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ආර්ථික හා තාක්ෂණ ගිවිසුම පිළිබඳවත් සිය නිල සංචාරයේ දී ඉන්දීය රාජ්‍ය නායකයින් සමග සාකච්ඡා කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (24දා) නවදිල්ලි නුවර දී ප්‍රකාශ කළේය.
ඉන්දීය නිල සංචාරය නිම කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී මාධ්‍යවේදීන් හමුවෙමින් මේ බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා දෙරට අතර ආර්ථික සම්බන්ධතාවල මූලික රාමුවට අනුකූලව මෙම ආර්ථික තාක්ෂණ ගිවිසුම සැකසීමට අප මෙහිදී තීරණය කළ බව ද අවධාරණය කළේය.