ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනාට වෙන්වූ ප්‍රතිපාදනවලින් රුපියල් ලක්ෂ 14ක් පුස්තකාල 64කට පොත් ලබාදීම සඳහා වෙන්කර තිබේ.
මෙම මුදල් උපයෝගී කරගෙන ඌව පළාතේ ලේඛකයන් විසින් රචිත පොත් බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික් පාසල් 44කට හා මහජන පුස්තකාල 20කට ලබාදීමට නියමිතය.
මේ මස 17 වැනිදා මෙම පොත් බෙදාදීම ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී සිදුවන අතර, මෙම පොත් මිලදී ගැනීම සඳහා පළාත් සභා මන්ත්‍රීවරුන් වන සමන්ත විද්‍යාරත්න, ආර්.එම්. ජයවර්ධන මහත්වරුන්ට වෙන් වී තිබෙන ප්‍රතිපාදනවලින් රුපියල් 1,422,620ක් වෙන්කර තිබේ.