ඇමති රවී බැඳුම්කර කොමිසමට කැඳවයි
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීන ලෙස දැනුම් දී ඇත.
ඒ අනුව කැබිනට් රැස්වීමට සහභාගීවීම අතවශ්‍ය කටයුත්තක් වන හෙයින් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට හෙට (25දා) බැඳුම්කර කොමිසමට පැමිණීමට හැකියාවක් නොමැති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සඳුන් ගමගේ මහතා අද (24දා) කොමිසමට දැනුම් දුන්නේය.
කොමිසමේ සාක්ෂි විභාග කිරීමේ කටයුතු අවසානයේදී කොමිසම හමුවේ පෙනී සිටිමින් එලෙස දැනුම් දුන් නීතීඥ සඳුන් ගමගේ මහතා අමාත්‍ය රවී කරුණානායක මහතාට මෙම කොමිසමට පැමිණීමට හැකියාව ඇති දිනයක් දැනුම් දීමට පියවර ගන්නා බවද දැනුම් දුන්නේය.
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සිදු වූ 2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායක මහතා එම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් දන්නා කරුණු සහ ඔහුගේ මැදිහත්වීම පිළිබඳව තොරතුරු සටහන් කර ගැනීම සඳහා කරුණානායක මහතා කොමිසම හමුවට කැඳවීමට තීරණය කොට ඇත.
බුද්ධිමාල් රුබේරු සහ රන්ජන් කටුගම්පොළ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

