ජනපති කොළඹ සංදර්ශනය ගැන කියයි
රටේ සංස්කෘතියට නොගැළපෙන දේවල් මින් ඉදිරියට රටතුළ කිරීමට අවසර නොදෙන බවත්, එවැනි වැඩසටහන් සංවිධානය කරන්නන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ පැවැති සමස්ත ලංකා දහම් පාසල් තරගාවලියේ තෑගි ප්‍රදානෝත්සවයට අද (27දා) සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.
"පසුගියදා කොළඹ සංදර්ශනයක් පැවැත්වුවා. බීලා නටපු අය උන්මාදයට පත්වෙලා, සමහර තරුණියන් තමන් ඇඳන් හිටපු බ්‍රෙසියර් ගලවල විදේශීය ගායකයා ළඟට විසි කළා. මේ අපේකම රකින හැටි. සමහර තරුණ ගෑනු ළමයි වේදිකාවට නැගල බලෙන් සිපගත්තා ඉන්න බැරිව. මේ බ්‍රැන්ඩි, විස්කි අරක්කුවල ටිකට්වල තිබුණ හයිය.
සාමාන්‍යයෙන් ගමේ බාසාවක් තියෙනවා කවුරුහරි වැරුද්දක් කරපුවාම කියනවා ඕකට මඩු වලිගෙන් තලන්නඕනේ කියලා. මම මේ කියන්නේ බ්‍රෙසියර් ගලවල වේදිකාවට විසි කරපු ගෑනු ළමයටවත්, වේදිකාවට නැගල අර අසංවර විදේශිකයා සිපගත්ත ළමයටවත් නෙවෙයි. මෙවැනි වැඩසටහන් සංවිධානය කරන මිනිස්සුන්ට මඩු වලිගෙන් තලන්න ඕන කියලයි මම කියන්නේ."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
