කුරුණෑගල සිට හබරණ දක්වා දුම්රිය මාර්ගයක් ඉදිකිරිමට තීරණය කළ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ පවතින මාර්ග තදබදයට විසඳුමක් ලෙසත් දඹුල්ල, ගලේවෙල, හබරණ, පොළොන්නරුව ආදී ප්‍ර‘දේශවල කෘෂි නිෂ්පාදන වෙළෙඳ පොළ වෙත කඩිනමින් ප්‍රවාහනය කිරිම පහසු කරවීම සඳහාත් කොළඹ සිට ත්‍රිකුණාමලය, මඩකලපුව දුම්රිය මර්ගයේ දුම්රිය ධාවනයේදී සිදුවන ප්‍රමාදයන් අවම කරගැනීමත් සඳහාත් මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමට නියමිතය.
මෙම මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධව අදාළ ශක්‍යතා අධ්‍යයන කටයුතු දැනටමත් අවසන් කර ඇති බවත්, ඒ සඳහා අත්පත් කරගත යුතු ඉඩම් හඳුනාගෙන පවරාගැනීමේ කටයුතුද කඩිනමින් අවසන් කරන බවත් අමාත්‍යවරයා පවසයි.
ඉඩම් අත්පත් කරගැනීමේදී ඉඩම් අහිමි වන අයට වන්දි ලබාදීමද සැලසුම් කර ඇත. කුරුණෑගල සිට මහව, මොරගොල්ලාගම, කැකිරාව, මරදන්කඩවල, හබරණ, ගල්ඔය, පොළොන්නරුව දක්වා දැනට දිවෙන දුම්රිය මාර්ගයේ ඇති දුර ප්‍රමාණයට වඩා කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා දුම්රිය මාර්ගය ඉදිකිරීමෙන් කි.මී. 85 ක ප්‍රමාණයකින් දුර අඩුවන බවද, කාලය පැය එකහමාරකින් ඉතිරිවන බවද දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. මේ සඳහා වැය වෙතැයි අපේක්ෂා කරන මුදල රු.මි. 29200 (ඇ.ඩො.මි. 200) කි.