2012 ජුනි මසදී කහවත්තේදී මවක හා දියණියක ඝාතනය කර ඔවුන්ගේ සිරුරු ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකාද තෙන්නකෝන් මහත්මිය අද (28දා) නියෝග කළාය.
ලියනාරච්චි ප්‍රේමවතී , හේවගමගේ පුශ්පකුමාරි යන අය ඝාතනය කිරමේ සිද්ධියේ සැකකරුවන් වූ නාමල් චමින්ද සිල්වා, සිසිර ප්‍රියන්ත, ලොකගම්හේවගේ මිතිල යන සැකකරුවන් මෙසේ නිදොස්කොට නිදහස් කරනු ලැබීය.
අපරාධ සහායකයාගේ සාක්ෂිය පරස්පර විරෝධී වීම හේතුවෙන් සැකකරුවන්ට නිදහස ලැබුණි. අපරාධ සහායකයා රජයේ සාක්ෂිකරු බවට පත්වීමෙන් අනතුරුව ඔහු ඉදිරිපත් කළ සාක්ෂි පරස්පර වීමත්, සාක්ෂිකරුගේ අවිශ්වාස ප්‍රාකශ මත විත්තිකරුවන්ට දඬුවම් දීම භයානක තත්ත්වයක් බවත් තීන්දුව ප්‍රකාශ කරමින් මහාධිකරණ විනිසුරුවරිය පැවැසීය.
එසේම මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි ලෙස පරීක්ෂණ සිදුකර නැති බව විත්තියේ නීතිඥයින් විසින් ඉදිරිපත් කළ සාක්ෂිවලින් අණාවරණය වන බවත් මහාධිකරණ විනිසුරුවරිය තීන්දු කළාය.