ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට සහාය දෙනවා - චීන ජනපති
ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව චීන ජනාධිපති ෂි ජින්පින් මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත සඳහන් කර තිබේ.
චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා සහ චීන ජනාධිපති අතර නිල හමුව අද (14දා) පස්වරුවේ චීන ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර එහිදී මේ බව චීන ජනපතිවරයා සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ මතුවූ මෙම හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රුපියල් කෝටි 260ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට ද චීන රජය පියවර ගෙන ඇත.
එමෙන්ම ශී‍්‍ර ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් කෝටි 150ක් වටිනා ජීප් රථ 100ක් ඇතුළු පහසුකම් වහාම ශ්‍රී ලංකාවට ලබාදීමට ද චීන ජනාධිපතිවරයා එකඟතාවය පළ කර තිබේ.
මේ අතර දෙරටේ ආරක්ෂක අංශවල සහයෝගීතාව වෙනුවෙන් නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද මෙම රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව සිදු විය.
චීන ජනාධිපතිතුමා මෙහිදී පවසා ඇත්තේ ලොව කොතැනක වුව ද ම්ලේච්ඡ ත්‍රස්තවාදය තමා දැඩි ලෙස හෙළා දකින බවයි.
දෙරටේ ආරක්ෂක අංශ අතර සහයෝගිතා වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීම සහ බුද්ධි අංශ අතර තොරතුරු හුවමාරු වැඩසටහන් පුළුල් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡාවට බඳුවී තිබේ.
එමෙන්ම ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ත්‍රස්තවාදය මැඩලීමේ දී මෙන්ම අන්තර්ජාල සහ සමාජ වෙබ් අඩවි හරහා අසත්‍ය ප්‍රචාර පතුරවමින් සැඟවී සිට ත්‍රස්තවාදය වපුරන පිරිස් සහ අපරාධ සිදු කරන්නන් හඳුනාගැනීමටත්, එම අපරාධ වළක්වා ගැනීම වෙනුවෙනුත් අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ දැනුම ශී‍්‍ර ලංකාවට නොමැති බවයි.
එම උපකරණ සහ තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා කඩිනම් සහය ලබාදීමට මෙහිදී එකඟතාවය පළ කළ චීන ජනාධිපතිවරයා ඒ පිළිබඳ සොයා බැලීමට චීන තාක්ෂණික කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව ද කියා සිටියේ ය.
චීන ණය ආධාර මත ශ්‍රී ලංකාවේ කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය පිළිබඳව ද මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළ අතර එම සංවර්ධන ව්‍යාපෘති බොහොමයක කටයුතු කඩිනමින් නිමා කිරීම තම අපේක්ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කළේය.





popular news
-
Champa Tuesday, 14 May 2019 05:56 PM
තුක් විතරක්. ඒ පාර මේක පිටින් දාල වහල් ආණ්ඩුවට සල්ලි හිඟා කන්න ගිහින්. කෝටි ගණන් වියදම් කරලා දේශපාලකයන්ට තමන්ට කාර් ගන්නවා. හැබැයි පොලිසියට ජීප් ගන්න රට රටවල් ගානේ හිඟා කකා ඇවිදිනවා.
Reply : 0 0
Pathrharen dakke 2 Tuesday, 14 May 2019 06:50 PM
ගේම ගානට organize කරලා වෙලාවට මාරු උණා. Namal kumara දෙවැනි නාටකය එළිදක්වයි. ඒකනිසා මින්හාව දර්ශනයට enter කලා. ඕක දැන් අතේ පලවෙන කෙප්ප කතාවක් කියයි. පබයගේ අවතාරයක් වන රිලසිරි සීන් එකට එන්ටෙර් වෙලා.රිලවා දැන් නිළ නොලත් වැඩ බලන ආරක්ෂක ඇමති. නියමයි. මෙදාපාර රිලවෙකුට කඩුව දීල. මු මෙදාපාර සමස්ත ජාතියටම කොටනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

