ක්ෂේත්‍ර 4ක සහාය ලංකාවෙන් බංග්ලාදේශය ඉල්ලයි
බංග්ලාදේශයේ සංචාරයකට එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බංග්ලාදේශ සැලසුම් අමාත්‍ය ඒ.එච්.එම්. මුස්තෆා කමල් මහතා ආරාධනා කරනු ලැබීය.
වියට්නාමයේ හැනොයි නුවර ඉන්දීය සාගර සමුළුවට පූර්වගාමීව ද්විපාර්ශවික සාකච්ඡ වාරයන් ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා හා බංග්ලාදේශ අමාත්‍යවරයා අතර හමුව අද (27දා) පැවැත්විණ.
මේ අතර තේ, ධීවර,ඖෂධ හා සම් කර්මාන්තයන්හි මෙන් ම අධ්‍යාපන හා මුල්‍ය ක්ෂේත්රයන්හි සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සහය සහ විශේෂඥ උපදෙස් බලාපොරොත්තු වන බව ද සැලසුම් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
බංග්ලාදේශයේ ක්‍රිකට් ක්‍රිඩාවේ දියුණුව උදෙසා දුලිප් මෙන්ඩිස් ප්‍රධාන ලාංකේය ක්‍රීඩකයන්ගෙන් ලැබුණු සහය මෙන්ම තමා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ධූරය දරන අවදියේ ශ්‍රී ලංකාව ලබා දුන් සහයෝගය ද මුස්තෆා කමල් මහතා මෙහිදී සිහිපත් කර ඇත.
ඡායාරූප ප්‍රදීප් පතිරණ





popular news
-
Niyas Tuesday, 28 August 2018 09:16 AM
Maha bankuwa kolla kana hati. Janathaawa රවටtana hati. Horunwa berana hati. Nayakathwaya rake ganna hati
Reply : 0 1
Champa Wednesday, 29 August 2018 11:33 AM
දෙයියෝනේ මොන තරම් ඉන්දියන් ගැති වෙලාද කිව්වොත් මූණත් වෙනස් වීගෙන යනවා මෝඩිගේ මූණ වගේම. මෝඩි වගේ රැවුල ටිකක් තිබ්බ නම් දෙන්න මාරු වෙලා ඇත්ත මෝඩි ගුටි කන්නත් තිබ්බ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

