කොස්ලන්ද අමු පිටි කන්ද තේ කර්මාන්ත ශාලාව අසළ කන්දේ කොටසක සිදුවූ නාය යාමක් හේතුවෙන් ඒ අවට අවදානම් කලාපයේ පදිංචි පවුල් 28ක පුද්ගලයින් 91 දෙනකු අද (30දා) ආරක්ෂිත පියවරක් ලෙස ඉවත් ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් සුනෙත් ජිනේන්ද්‍ර සේන මහතා පැවැසීය.
නාය යාමෙන් නිවාස දෙකකට හානි වී ඇති අතර ඒ ආසන්න සෙසු නිවාස වලට ඇති අවදානම සළකා පදිංචිකරුවන් ඉවත් කර ඇත. ඉවත් කළ පවුල් මහ කන්ද සුරක්ෂිත මධ්‍යස්ථානයේ තාවකාලික කඳවුරක රඳවා ඇතැයි ද අවශ්‍ය සහන සැලසීමට කටයුතු යොදා ඇතැයි ද හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා පැවැසීය.
බදුල්ල දිස්ත්‍රික්කය පුරා මේ වන විට ඇද හැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් නායයාමේ අවදානම් කලාපවල වැසියන් විමසිල්ලෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර