සුළු ජාතීන්ගේ ඡන්ද සියයට 90ක් සජිත්ට - රිෂාඩ්
මෙවර ජනාධිපතිවරණයේ දී සුළු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
වවුනියා ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මේ බව පැවසීය.
“මෙම අවස්ථාවේදී ද්‍රවිඩ භාෂාව කථාකරන ජනතාව එනම් සුළු ජාතීන් මෙම මැතිවරණයේදී ඉතා සුපරක්ෂාකාරීව ප්‍රවේශමෙන් කටයුතු කිරීම අවශ්‍යයි. සුලු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත් ප්‍රේමදාසට ලබා දෙන විට අපේ ජයග්‍රහණය කිසිවෙකුට වැළැක්විය නොහැකියි. එමනිසා මෙම මැතිවරණයේදී අපි වෙනත් මැතිවරණ වාගේ බෙදීගොස් ඡන්දය දීමට බැහැ. අද මුස්ලිම් ජනතාවගේ ඡන්දය කොල්ලකෑමට හෝ විනාශ කිරීමට, සජිත් ප්‍රේමදාස පරාජය කිරීමට මෙම මැතිවරණයේදී ඡන්ද වර්ජනයක් කරන බව තවත් කුමන්ත්රණකාරී කණ්ඩායමක් පවසමින් සිටිනවා.
තවත් කණ්ඩායමක් මෙම මැතිවරණයේ අපි විකල්ප කණ්ඩායමකට ඡන්දය දියයුතු බව ප්‍රකාශ කරමින් සිටිනවා. තවත් කණ්ඩායමක් මෙම මැතිවරණයේදී සුළු සුළු පක්ෂවල සුළු ජාතීන්ට ඡන්දය දියයුතු බව කියා සිටිනවා. මෙසේ කොටස් කිහිපයකට බෙදී අපගේ ඡන්දය පරිහානියට පත්කළ යුතු නැහැ. සජිත් ප්‍රේමදාස හැර වෙනත් කෙනෙකුට අපි ඡන්දය ලබා දෙන්නේ නම් අනාගතයේදී පරම්පරා විනාශයට පත් වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බව අපි දැනගත යුතුයි. අපි සියලු දෙනා බොරු ප්‍රචාර වලට රැවටිය යුතු නැහැ.”

popular news
-
buruwa Thursday, 07 November 2019 11:43 PM
එළියේ එකක් එතුලේ එකක්. පුබ්ලිෂ් කරන්න කලින් කියවල බලන්න
Reply : 0 0
Demuni de silva Friday, 08 November 2019 05:43 AM
What is this caption of the article?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

