සජිත් ප්‍රේමදාසට ජනපති අපේක්ෂකත්වය ලැබෙන බව ඉර හඳ වගේ විශ්වාසයි - චන්ද්‍රාණි
සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය අද, හෙට ලැබෙන බව ඉර හඳ වගේ විශ්වාසයි යැයි කාන්තා හා වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රාණි බංඩාර මහත්මිය පැවසුවාය.
ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කර සිටියේ, එප්පාවල පැවති උත්සවයකට එක්වෙමිණි,
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමිය,
“වර්තමාන රජය මොනවද කරේ කියන එක නිරන්තරයෙන් මිනිස්සු අහනවා. ප්රචාරයට අපි අනවශ්‍ය ලෙස වියදම් නොකෙරුවාට අපි බොහෝම නිහඬව වර්තමාන රජය දැවැන්ත සේවයක්, මේ රටට කරනවා. 2020 වනවිට අනිවාර්යෙන්ම විශාල වැඩ කොටසක් අවසන් කරන්න අපි පෙළ ගස්වලා තියෙනවා. හැම අමාත්‍යංශයකින්ම කරලා තියෙන වැඩ කොටස් කියලා නිම කරන්න කාල වේලා මදි. අපේ රටේ මේ වත්මන් රජය කවුරු කොහොම කිව්වත් දැවැන්ත වැඩ කොටසක් ආරම්භ කරලා තියෙනවා.
වර්තමාන රජය ආරම්භ කරපු, අතතියපු වැඩ කොටස් අවසන් කරලා තියෙනවා. අපි කිසි දවසක අවසන් කරන්න බැරි ව්‍යාපෘති ආරම්භ කරලා නෑ. ඉදිරියටත් පවතින්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක්. ඉදිරියේ එන ජනාධිපතිවරණයේදී අපිට ඉර හඳ වගේ විශ්වාසයි අපේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් එතුමාගේ ජනාධිපති අපේක්ෂකත්වය අද,හෙට ලැබෙනවා කියන එක. එතුමාගේ ජනාධිපති අපේක්ෂකත්වය තුළ 2020 ජනාධිපතිවරයා බවට පත් වෙලා මේ රටේ අතිවිශාල වැඩකොටස් ආරම්භ කරන්න මෙන්ම ආරම්භ කරපු වැඩසටහන් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න අවස්ථාව අපිට උදා වෙනවා.
සජිත් ප්‍රේමදාස මහතා තරුණ නායකයෙක්. එතුමාට තව අවුරුදු ගණනාවක් මේ රටේ නායකත්වය හොබවමින් විශාල වැඩකොටසක් කරන්න පුළුවන්. ඒ නිසා අග්‍රාමාත්‍යතුමන්ගේ ආශිර්වාදයෙන්, කරූ ජයසූරිය මහතාගේ ස්ථීරත්වයෙන් අපිට විශ්වාසයි හෙට,අනිද්දා වන විට මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා හැටියට සජිත් ප්‍රේමදාස මහතා පත්වන බවට ” යැයි පැවසීය.
එප්පාවල - තිසර සමල්

popular news
- 
                            Dayan Thursday, 12 September 2019 03:02 PM පරාජය වන බවත් ඉර හඳ මෙන් විස්වාසයි. Reply : 0 0 nilanthi disanayake Thursday, 12 September 2019 04:28 PM මේ දේපත් නයා රජ පුටුවේ ඉන්දවලා කනෝ..කනෝ...කියලා අපිට නම් කියන්න එන්න එපෝ..කිසිම විදියකින් වත් පක්ෂයට හෝ නායකත්වට ලැදි නැහැ මේ මනුස්සය . Reply : 0 0 Premasiri Ranaweera Thursday, 12 September 2019 04:33 PM සාස්තරත් කියන්න පුලුවන්ද Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                